
තමා ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරයට පත්වුවහොත් සෙනට් සභික කමලා හැරිස් උප ජනාධිපති ධුරයට පත් කරන බව ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් නිවේදනය කළේය.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති තරගයට ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකින් කළු ජාතික කාන්තාවක නම් කරන ලද පළමු අවස්ථාව මෙය වේ. එමෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති අපේක්ෂකයකුගේ උප ජනාධිපති සගයා අප්‍රිකානු-ඇමෙරිකානු සහ ආසියානු-ඇමෙරිකානු ජාතිකයකු වූ පළමු අවස්ථාව ද මෙය වේ.
රිපබ්ලිකන් පක්ෂයෙන් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ, වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ය. ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන්ට, කමලා හැරිස්ගෙන් ඉතා හොඳ සහයෝගයක් හිමිවනු ඇතැයි ද කමලා හැරිස් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට දැඩි අභියෝගයක් වනු ඇතැයි ද දේශපාලන විචාරකයෝ පෙන්වාදෙති.
වාර්ගික අසාධාරණත්වයට එරෙහිව මාස ගණනක සිට විරෝධතා සහ උද්ඝෝෂණ පැවැත්වෙන අතර සමාජය තුළ නොසන්සුන්තාවක් ද ඇති වී තිබේ. මේ තත්ත්වය හේතුවෙන් ජෝ බයිඩන්, සිය ජනාධිපතිවරණ සගයා ලෙස කළු ජාතික කාන්තාවක පත් කිරීමේ දැඩි පීඩනයකට හසුවිය.
කමලා හැරිස් ද ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා තෝරාගැනීමේ සටනට ඉදිරිපත් ව සිටි නමුත් ඉන් ඉදිරියට පැමිණියේ ජෝ බයිඩන් ය. ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණය නොවැම්බර් මස 3 වැනිදා පැවැත්වීමට නියමිතය. කමල් හැරිස් මේ වනවිට 55 හැවිරිදි වියේ පසුවන අතර කැලිෆෝනියා ප්‍රාන්තය නියෝජනය කරමින් ඇමෙරිකා එක්සත් ජනපදයේ සෙනට් සභාවට පත්ව සිටින්නීය.
‘‘කමල් හැරිස් නිර්භීත සටන්කාමියෙක්. ඇය රටේ ඉතාම හොඳ රාජ්‍ය සේවකයෙක්’’ යැයි ජෝ බයිඩන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්, කමලා හැරිස් සම්බන්ධයෙන් සඳහනක් කර තිබිණි. ඊට පිළිතුරු ට්විටර් පණිවුඩයක් නිකුත් කළ කමලා හැරිස්, ජෝ බයිඩන් ඔහුගේ ජීවිතයෙන් වැඩි කාලයක් අප වෙනුවෙන් සටන් කළ බවත් ඒ නිසා ඔහුට ඇමෙරිකානු ජනතාව එක්සත් කළ හැකි බවත් සඳහන් කළාය.
ජෝ බයිඩන්ගේ උපන් නගරය වන ඩෙලවෙයාර්හි, විල්මින්ටන්හිදී උත්සවයක් පැවැත්වීමට නියමිත අතර ජෝ බයිඩන් සහ කමලා හැරිස් එහිදි එක්ව ප්‍රසිද්ධියේ පෙනී සිටීමට නියමිතය.
කමලා හැරිස් සෙනට් සභාවට තේරී පත්වූයේ 2016 වසරේදීය. ඇමෙරිකානු ඉතිහාසයේ, එරට සෙනට් සභාවට තේරී පත්වූ දෙවැනි කළු ජාතික කාන්තාව වන්නේ ද කමලා හැරිස් ය. ඇය මෙවර ජනාධිපතිවරණයේදී අප්‍රිකානු-ඇමෙරිකානු ජාතිකයන් ඩිමොක්‍රටික් පක්ෂය වෙත ආකර්ශනය කර ගනු ඇතැයි පැවසේ. අප්‍රිකානු-ඇමෙරිකානු ජාතිකයන් ඩිමොක්‍රටික් පක්ෂයට වඩාත් හිතවත් පිරිසක් ලෙස සැලකේ.
මීට අවුරුදු හතරකට පෙර ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂිකාව වූ හිලරි ක්ලින්ටන්ගේ පරාජයට හේතුවූයේ අප්‍රිකානු-ඇමෙරිකානු ජාතිකයන්ගේ ඡන්දය. එම ජනාධිපතිවරණයේදී හිලර් ක්ලින්ටන්, ට්‍රම්ප් හමුවේ අනපේක්ෂිත පරාජයක් ලැබුවාය. එවර ජනාධිපතිවරණයේදී වසර 20කට පසු ඩිමොක්‍රටික් පක්ෂයට අප්‍රිකානු-ඇමෙරිකානු ජාතිකයන්ගෙන් ලැබුණු ඡන්ද ප්‍රමාණය අඩු වී තිබිණි.
රොයිටර්
055


2025 නොවැම්බර් මස 04
715
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2386
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1749
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජෝ බයිඩන්ගේ උප ජනාධිපති ධූරයට කළු ජාතික කාන්තාවක්
Ravi Sene Thursday, 13 August 2020 10:48 AM
කමලා හැරීස් දකුණු ඉන්දියානු සහ ජැමෙයිකානු සම්භවයක් ඇති කාන්තාවක්... අප්‍රිකානු, ඇමෙරිකානු අයෙකු නොවේ..
arschfikaaFriday, 14 August 2020 10:50 AM
ravi sene, ඔව් ඔබ හරි.
sunil gikiyanage Saturday, 15 August 2020 12:28 PM
මම කල්පනා කළේ වාර්තාකාරයින් කොච්චර මිනිස්සුන්ව මුලා කරනවද කියලා. වැරදි වාර්තා ලියලා සම්පූර්ණයෙන්ම නොමග යවනවා. ඇය ඉන්දියානු මවක් සහ ජැමෙයිකානු පියෙකුට දාව උපන් අයෙක්... කොහොමද කලු ජාතික වෙන්නේ? කලු ජාතික කියනකොට හැඟෙන්නේ අප්‍රිකානු කෙනෙක් බව...