උසස් පෙළ කාලසටහනට එරෙහි පෙත්සමක් අපොස උසස් පෙළ විභාගය සඳහා විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් නිකුත්කරනු ලැබ ඇති ’’විභාග කාලසටහන’’ ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විනිවිද පෙරමුණේ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු මහතා අභියාචනාධිකරණයට අද (28 ) රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. 28 January 2022
සජිත් අතින් කළඑළි බසින සමගි ගොවිජන ප්රකාශනය සමගි ගොවිජන ප්රකාශනය එළිදැක්වීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (29) පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රය අසලදී සිදු කෙරේ. 28 January 2022
ජොන්ස්ටන් නඩු තුනකින් නිදහස් අල්ලස් පනතේ දූෂණය නම් වරදක් සිදු කළ බවට චෝදනා ලැබ සිටි හිටපු සමූපකාර අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය සහ වර්තමාන මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනෙකු අල්ලස් නඩු තුනකින් නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා අද (28) නියෝග කළේය. 28 January 2022
විජයකලාගේ ප්‍රකාශය ගැන නීතිපති උපදෙස් තවම නෑ එල්ටීටීඊ සංවිධානය නැවත ගෙන ආ යුතු බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කර ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ වරදක් සිදු කළැයි කියන සිද්ධියට අදාළ කාන්තා සහ ළමා කටයුතු හිටපු රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය සම්බන්ධ නඩුවේ නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නැතැයි සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය අද (28) අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය. 28 January 2022
‘‘භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පතතෙන් ඇමැතිට බලය වැඩි වෙනවා‘‘ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පත මගින් විෂයභාර අමාත්‍යවරයාට අසීමිත බලයක් පැවරෙන බව දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සම්මේලනය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද (28) සඳහන් කළේය. 28 January 2022
ජල මණ්ඩලයට කෝටි 720ක පොල්ලක් ජල පාරිභෝගිකයන් ලක්ෂ 6 කට වැඩි පිරිසක් ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයට රුපියල් කෝටි 720 කට වැඩි මුදලක් පසුගිය වසරක පමණ කාලයේදී ගෙවීම පැහැර හැර ඇතැයි එම මණ්ඩලයේ සහකාර සාමාන්‍යාධිකාරී (අයකිරීම්) ඒකනායක වීරසිංහ මහතා ලංකාදීපයට පැවැසීය. 28 January 2022
අපනයන ආදායම ගිය වසරේ වාර්තාවක් තබයි ශ්‍රී ලංකාව 2021 වසරේ භාණ්ඩ හා සේවා අපනයනයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 15.1 ක් හෙවත් ඩොලර් කෝටි 1510 ක් ආදායමක් උපයමින් ශ්‍රී ලංකා ඉතිසාහයේ ඉහළතම අපනයන ආදායම ඉපයූ බවත් එය 2020 සමඟ සැසදීමේදී අපනයන ආදායමේ සියයට 23 ක වර්ධනයක් බවත් වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (28) පැවසීය. 28 January 2022
බාල දක්ෂ සිසුවාගෙන් රතනසාර විදුහලට පරිගනක විද්‍යාගාරයක් මිනුවන්ගොඩ ජනාධිපති වීද්යාලයේ සිසුවෙක් පොල්වත්ත රතනසාර මහ විදුහලට ලබාදුන් නව පරිගනක සහිත ප්‍රතිසංස්කරණය කරන ලද පරිගනක විද්‍යාගාරය ඉකුත් දා විවෘත කෙරිණි. 28 January 2022
‘රටේ ප්‍රශ්න විසඳන්න සියලු පක්ෂ අත්වැල් බැඳගත යුතුයි‘ සමගි ජන බලවේගය සමග එකතු වීම හොඳ බව තමා ගේ අදහස යැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහනුවරදී අද (28) පැවසීය. 28 January 2022
දුම්රිය කම්කරු එකමුතුව විරෝධතාවක් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය කම්කරු එකමුතුව කොළඹ ඕල්කට් මාවතේ දුම්රිය මූලස්ථානය ඉදිරිපිට අද (28) විරෝධතාවයක නිරත වූහ. 28 January 2022
නීලා හෙට සමුගනී ඉතාලියේ, මිලානෝ නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරිය ලෙස සේවය කරමින් සිටියදී අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ ගායිකා විශාරද නීලා වික්‍රමසිංහ මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල කනත්තේ දී හෙට (29) පස්වරු 4.00ට සිදුකෙරේ. 28 January 2022
මෝටාර් උණ්ඩයක කොටසක් පිපිරී සිසුවා රෝහලේ කොස්ගම සාලාව ප්‍රදේශයේ නිවසක මිදුලේ තිබු මෝටාර් උණ්ඩයක කොටසක් පුපුරායෑමෙන් 15 හැවිරිදි පාසල් සිසුවෙක් බරපතළ තුවාල ලබා කොළඹ ජතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි. 28 January 2022
රට වහල බෑ: පරිස්සම් වෙමු කොවිඩ් පැතිරීම වැඩිවීම නිසා රට වසා දමන්නැයි විවිධ අංශවලින් හා පුද්ගලයන්ගෙන් රජයට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට ඉල්ලීම් ගණනාවක් ඉදිරිපත්වී ඇත. 28 January 2022
ගුවන් හමුදා රෝහලට මුල්ගල් තබයි ගුවන් හමුදාව වෙනුවෙන් ඉදිරිකිරීමට නියමිත ගුවන් හමුදා මුලික රෝහල වෙනුවෙන් නාරාහේන්පිට කිරිමණ්ඩල මාවතේ යෝජිත භූමි ප්‍රදේශයේ දී මුල්ගල තැබීය. 28 January 2022
‘අර්බුදවලින් ගොඩ ඒමේ කිසිදු හැකියාවක් නෑ‘ රට තුළ සමගියක්, ජාතික ප්‍රතිපත්තිමය එකඟත්වයක් නොමැතිව පවතින අර්බුදවලින් කිසිම ආකාරයකින් ගොඩ ඒමට හැකියාවක් නොමැති බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා කොළඹදී පැවසීය. 28 January 2022
පෑවිල්ලෙන් උස් බිම්වලට ජල ගැටලු මේ දිනවල පවතින අධික පෑවිල්ල හේතුවෙන් උස්බිම් සහිත ප්‍රදේශවලට ජල සැපයුමේ පීඩනය අඩු වීමට හෝ ජලය නොලැබී යාමට ඉඩ පවතින බව ජාතික ජල ජලසම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නිෂ්පාදන අජිත් පෙරේරා මහතා ලංකාදීපයට පැවැසීය. 28 January 2022
මූදට වැටුණු යානය අත්පත් කරගන්න තරගයක් චීනයට පෙර, දකුණු චීන මුහුදට වැටුණු, ඇමෙරිකන් ප්‍රහාරක යානය සොයා කඩිනමින් මෙහෙයුම් ආරම්භ කළ බව ඇමෙරිකාව කියයි. 28 January 2022
’’විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න’’ විදුලිය වැඩිම ඉල්ලමක් ඇති පස්වරු 6.30 සිට රාත්‍රී 8.00 ට දක්වා වන කාලය තුළ අද (28) විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන ලෙස විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි. 28 January 2022
දුම්රිය අවලංගු කිරීම තව දුරටත් ප්‍රධාන දුම්රිය මාර්ගයේ අද (28) පෙරවරුවේ ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය කීපයක් අවලංගු කිරීමෙන් ජනතාව අපහසුතාවට පත්වූ බව දුම්රිය සේවකයෝ පවසති. 28 January 2022
වසරකට පරිසරයට ප්ලාස්ටික් හැඳි කෝටි 60ක් භාවිතා කර ඉවතලන ප්ලාස්ටික් හැඳි කෝටි 60ක් පමණ වාර්ෂිකව මෙරට පරිසරයට එක්වන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 28 January 2022
පූගොඩ පොලිස් ස්ථානාධිපතිට පොලු පහරක් වරෙන්තු කරුවකු අත්අඩංගුවට ගිය පූගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාට පහර දීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කොට ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි. 28 January 2022
බසය ප්‍රපාතයේ නවයක් රෝහලේ හැටන් නගරයේ පිහිටි පෞද්ගලික ආයතනයකට සේවකයින් රැගෙන පැමිණි බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 75 පමණ ප්‍රපාතයෙන් පිහිටි ඇළ මාර්ගයකට පෙරලිමෙන් එක් අයකු ජිවිතක්ෂයට පත් වි නව දෙනකු තුවාල ලබා දික්ඔය මුලික රෝහලට ඇතුළත් කර ඇති බව හැටන් පොලිසිය පවසයි. 28 January 2022
හිටපු මැති ඇමැතිවරුන්ගෙන් ගුවන් හමුදාවට පොල්ලක් හිටපු මැති ඇමැතිවරුන් ඇතුළු ප්‍රභූවරුන්ගේ ගමන් බිමන් සඳහා කුලියට ගත් ගුවන් යානා වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අය විය යුතු රුපියල් එක්කෝටි විසි ලක්ෂයකට වැඩි මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි. 28 January 2022
කාලගුණයේ යළි වෙනසක් පැවති වියළි කාලගුණ තත්වයේ තරමක වෙනසක් සමඟ අද (28) පළාත් කිහිපයකට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 28 January 2022
අලුත් ආසාදිතයෝ 942 ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 942 දෙනකු අද (26) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 27 January 2022
නීලාගේ දේහය කටුනායකට ඉතාලියේ ශ්‍රී ලංකා කොන්සල්ජනරාල් , ප්‍රවීන ගායිකා නීලා වික්‍රමසිංහ මහත්මියගේ දේහය අද 27 රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ . 27 January 2022
පූර්ණ එන්නත්කරුවකු වන්නේ මෙහෙමයි මාස හයක කාලයක් තුළ ‘කොවිඩ්’ මර්දන එක එන්නතක් ලබාගෙන ‘කොවිඩ්’ ආසාදනය වූ සංචාරකයින්, ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයන් ඇතුළු සියලු දෙනා පූර්ණ එන්නත්කරණයට ලක්වූවන් ලෙස සලකන බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි. 27 January 2022
අලුත් කොරෝනා මරණ 23 ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 23 දෙනකු ඊයේ (26) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (27) තහවුරු කළේය. 27 January 2022
ඕනෑකම තියෙනවා නම් කාබනික වගාව සර්ථක කරගන්න පුළුවන් මහන්සිය, කැපවීම ,ඕනෑකම සහ ධෛර්යය ඇති ගොවින්ට කාබනික වගාව සාර්ථක කර ගත හැකි බව මෙතෙක් කරන ලද නිරීක්ෂණවලදී අනාවරණය වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. 27 January 2022
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සැලැස්ම ලබන මස ජනපතිට නව ආණ්ඩුක්‍රම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට අදාළ මූලික සැලැස්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබන මාසයේදී බාරදෙන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පැවැසීය. 27 January 2022
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026