(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ රංගන ශිල්පී දමිතා අබේරත්න මහත්මිය නිදහස් කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද ඉල්ලීමක් කළේය.

ඇය ත්‍රස්තවාදී ක්‍රියාවකට හෝ දේපල හානි කිරීමකට සම්බන්ධ නැතැයිද ඔහු සඳහන් කළේය.

කතා කිරීමේ වරදට ඇය අත්අඩංගුවට ගැනීම අසාධාරණ යැයිද විපක්ෂනායකවරයා පැවසීය.