
(ෂේන් සෙනෙවිරත්න සහ ජේ.ඒ.එල්.ජයසිංහ)
මහනුවර - කොළඹ දුම්රිය මාර්ගයේ ගමන් කළ අයකු සුදුහුම්පල ප්‍රදේශයෙ දී දුම්රිය මාර්ගය අයිනේ ඇදවැටුණු අවස්ථාවේ ඔහුගේ අත මතින් දුම්රියක් ධාවනය වීම නිසා අත වෙන් වී බරපතල තුවා ලබා මහනුවර ජාතික රෝහලට පැමිණීමේ සිද්ධියක් වාර්තා වේ .
මහනුවර දංගොල්ල දංගොල්ල ප්‍රදේශයේ පදිංචි එස්. එල්. එම්. රිස්වාන් (44) නැමැති අයකු බවට රෝහල් පොලිසිය හඳුනාගෙන තිබේ .
දුම්රිය මාර්ගය අසල කිසියම් පුද්ගලයකුගේ අතක් තිබෙනු දැක ඒ පොලිසියට දැනුම් දී ඇත.
එම අතේ කොටස පොලීසිය විසින් මහනුවර ජාතික රෝහලේ මෘත ශරීරාගාරයට භාරදීමට පියවර ගෙන තිබේ .
මහනුවර ජාතික රෝහලේ දී සැත්කමකට භාජනය වී මේ වෙනවිට ප්‍රතිකාර ලබමින් සිටින අදාළ පුද්ගලයා පොලීසියට පවසා ඇත්තේ දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටියදී එහි පසෙක තිබූ විශාල වලකට ඇද වැටුන අවස්ථාවේ එයින් ගොඩ ඒම සඳහා දකුණු අතින් රේල් පීල්ල අල්ලා ඉන් ගොඩ ඒමට උත්සහ කරද්දී දුම්රියකට තම අත හසු වූ බවයි .
අතින් වෙන් වූ කොටස සොයා බැලුවත් පැවැති අඳුර නිසා එය සොයාගැනීමට නොහැකි වූ බැවින් තනිවම රෝහලට පැමිණි බව ඔහු පවසා තිබේ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවෙ ජනතාවටත් ඔය වගෙ වැඩක් තමයි වෙලා තියෙන්නෙ. ඝෝට එන්න දගලන කොට "මහා යකඩ යකා" අත් පා කපල දාන්න හදනව.
මේක නම් මහා පුදුම කර්මය ඵලදීමක්. වලේ වැටිලා ගොඩ එනකොටම කොච්චිය ආපු එක...!
බීලාවත් හිටියද? නැතිනම් වැටිලා ඉන්නකොට කෝච්චියක් එන සද්දේ ඇහෙන්න ඕනෑනේ... හොඳ සිහියකින් සිටියා නම් රේල් පීලි අල්ලන්න යන්නේ නැහැ.