
(චාපා මධුභාෂිණි සහ හෙන්රි ලයනල්)
මින්නේරිය හබරන ප්‍රධාන මාර්ගයේදී හතේ කණුව ප්‍රදේශයේ දී ඊයේ (6) සවස වෛද්‍යවරයකු ගමන් ගත් මෝටර් රථයක් හා ටිපර් රථයක් ගැටීමෙන් විශේෂඥ්ඥ වෛද්‍යවරයා මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ පොළොන්නරුව මහ රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය රෝහණ ගමගේ නම් වෛද්‍යවරයෙකි.
ඔහු පොළොන්නරුව නවනගරයේ පදිංචි පුද්ගලයෙකි.
විශේෂඥ්ඥ වෛද්‍යවරයා ගමන් ගත් මෝටර් රථය මින්නේරිය දෙස සිට හබරණ දෙසට ගමන් කරමින් සිට ඇති අතර අනතුරට සම්බන්ධ වැලි ප්‍රවාහන ටිපර් රථය හබරන සිට මින්නේරිය දෙසට ධාවනය වෙමින් පැවතී ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd