IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


යලේ වී ගන්න රාජ්‍ය බැංකුවලින් ණය දී නැහැ

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා රාජ්‍ය බැංකුවලින් ප්‍රමාණවත් පරිදි මුදල් මෙතෙක් ලැබී නැතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේදී අද (07) අනාවරණය කළේය.

යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි 200ක මුදලක් රාජ්‍ය බැංකුවලින් ඉල්ලා ඇතැයි පැවසූ අමාත්‍යවරයා මෙම මුදල් ලබාගැනීම සඳහා ජනාධිපති ලේකම්වරයා සමඟද සාකච්ඡා කරන බව සඳහන් කළේය.

මුදල් ලැබෙන පරිදි වී මිලදී ගැනීම් කිරිමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙසේ පැවසූවේ සමගි ජන බලවේගය පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා මතුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

සහල් ආනයනය නතර කරන ලෙසට ලිඛිත දැනුම් දීමක්ද කර ඇති බව පැවසු අමරවීර මහතා බිම් සැකසීම ආදිය වෙනුවෙන් අවශ්‍ය ඉන්ධන ආදිය ගොවීන්ට ලබාදීමට පියවර ගන්නා බවද ප්‍රකාශ කළේය.

සහල් රටින් ආනයනය කරනවානම් ඒ අයට බදු මුදලක් පනවන්නැයි දැනුම් දී ඇති බවද අමරවීර මහතා පැවසුවේය.

අමාරුකම් මධ්‍යයේ වුවත් ගොවීන් හෙක්ටයාර් පන්ලක්ෂ දොළොස්දහසක් මෙවර වගා කර ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා බැංකු දෙකෙන් මුදල් නිදහස් කිරීම තවමත් සිදුවන්නේ මන්දගාමී ලෙස බවද අනාවරණය කළේය.

 



අදහස් (0)

යලේ වී ගන්න රාජ්‍ය බැංකුවලින් ණය දී නැහැ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 378 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 224 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site