(අංජුල මහික වීරරත්න)
රාජ්‍ය අමාත්‍යවරු 36 දෙනෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ හෙට (8) පෙරවරුවේ දිවුරුම් දෙති.
මෙලෙස රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් 36 දෙනෙකි.
අදාල රාජ්‍ය අමාත්‍යවරුන් පත්කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ ප්‍රධානීන් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව රාජ්‍ය අමාත්‍ය ධුර ප්‍රදානය කරන ආකාරය පිළිබඳ එකඟතාවයකට පැමිණ තිබේ.රාජ්‍ය අමාත්‍ය ධුර සංඛ්‍යාව තිහකට සීමා කිරීමට කලින් තීරණය කර තිබුණ ද එම ගණන 36 දක්වා වැඩි කිරීමට සිදුවී ඇති බවද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම කොළඹ ජනාධිපති කාර්යාලයේ දී සිදු කිරීමට නියමිතය. සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන තුරු අමාත්‍යවරුන් 20කින් සමන්විත තාවකාලික කැබිනට් මණ්ඩලයක් ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබීය.
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ අතර සාකච්ඡා වට කිහිපයක් පැවති අතර එම සාකච්ඡා අවසන් එකඟතාවයට පැමිණි පසු ස්ථිර කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කාලකණ්ණින් රට තවත් බංකොළොත් කරලයි පස්ස බලන්නේ..!
ලෝකෙන්ම හිඟා කාලා ණය අරගෙන ඒ මුදල් වියදම් කරන හැටි ඔය ෂෝක් එකට සැලසුම් කරලා තියෙන්නේ කල් ඇතිවම... ඇමතිලා ඉද්දී ආයේ මොනවටද රාජ්‍ය ඇමතිලා... මම නම් කියන්නේ මේ තක්කඩි පාලකයින්ට කිසිම රටකින් හෝ ජාත්‍යන්තර සංවිධානයකින් ණය හෝ ආධාර නොදිය යුතුයි. ලංකාව පාලනය කරන්නේ රට උගසට තබා හොරකම් කරන ජාත්‍යන්තර හොරු රැලක්...
මදි මදි. ගණන 130ක් කළා නම් තමයි හොඳ.... එතකොටනේ සෞභාග්‍යය උදා වෙන්නේ..
අපි ගොඩක් පොහොසත්... රාජ්‍ය ඇමැතිවරු 36ක් ප්‍රමාණවත් නැහැ...
දැන් ඉතින් අපෙන් බදු ගන්නවනේ? මේ අයට තියෙන්නේ ජොලියේ අතපය දිගඇරලා හොඳට වියදම් කරලා ඔවුන්ගේ ඔක්කෝම වරදාන භුක්ති විඳගෙන අර කලින් හිටියටත් වඩා සැපෙන් ඉන්න.
ඔය එන්නේ හොර පාරෙන්, මහා බැංකු හොරුයි, සීනිබදු හොරුයි එකතුවෙලා රට දෙපාරක් බංකොලොත් කරන්න පුළුවන් නම් අපහු එකත් කරයි.
රට වෙනුවෙන් ජනාධිපති ඇතුළු මෙයාලා ඉතා ලොකු කැපකිරීමක් කරන්නේ. ඇමති, රාජ්‍ය ඇමති ධුරය නොමැතිව ආර්ථිකය ගොඩ දාන්නම බැරියි වගේ...!
රට මෙතරම් අරාජික තත්වයට ඇදවැටී ඇති මොහොතක ඇමැතිකම් දෙන සහ ගන්නා සැවොම දේශද්‍රෝහින්. වරෙව්කෝ ගමට ඇමැතිකම් අරගෙන... අපි හොඳට සලකන්න බලාගෙන ඉන්නේ..!
රාජ්‍ය අමාත්‍යවරු 36 දෙනෙක්.. මෙන්න මසකට යන වියදම...[ඇමති පඩිය රු 50,000, විදුලි දීමනාව, දුරකතන දීමනාව, පෙට්‍රල් දීමනාව, සුඛෝපබෝගි වාහන දීමනාව, බොඩිගාඩ් 4 දෙනාගේ වියදම, බොඩිගාඩ් වාහන 2 දීමනාව, කාර්‍යාල දීමනාව = මසකට අවම රුපියල් ලක්‍ෂ 7 කි] x 36 රුපියල් එක්කෝටි හතලිස් හතර ලක්‍ෂයකි...!
හොඳටම මදි. 134 ඡන්දෙ දුන්නේ මැති ඇමැතිකම් බලාගෙන... මෙහෙමත් බලලෝභී බඩගෝස්තරවාදී දූශිත දේශපාලුවන් ඉන්න රටක්...
මොකටද රාජ්‍ය ඇමැතිවරු..? දැන් සිටින ඇමැති මණ්ඩලය හොඳටම ඇති. එයාලාගෙන් වැඩගන්න දැන් මේ මාස 2, 3 කරගෙන ගියා වගේ...
ඡන්දෙකදී මේ 225ම ගෙදර යවන්නයි තියෙන්නේ..
රාජ්‍ය ආයතන පාඩු ලබනවා කියන සාධාරණ කරුණට සාධාරණ විසඳුමක් වෙන පෞද්ගලිකකරණයත් ලංකාවට එනකොට සැකෙන් බලන්නේ මේ නිසයි. පෞද්ගලිකකරණය, ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස් ආර්ථිකය, සංවර්ධන ව්‍යාපෘති... වෙන රටවල් සාර්ථකව මේවාගෙන් ප්‍රයෝජන ගන්නකොට අපි අසාමාන්‍ය, විකුර්ති දේශපාලනයක් නඩත්තු කරනවා.
ඇමැතිකම් දෙනවා නම් අපායට වුණත් යයි.
මේවා දෙන අයත්, ලබන අයත් ජාතික අපරාධ කාරයන් ලෙස සැලකිය යුතුයි. කාලකන්නි.
මහජන මුදල් කාබාසීනියා කරන කිසිම වැඩකට නැති මැති ඇමතිවරු. දූෂිත දේසපාලුවෝ ඉන්න , මෙවැන් රටක් ලෝකෙම නැතුව ඇති .
මොන බොරු වැඩද මේවා. දිව්රුම්දෙන්න මොකද මොවුන් වැරදි කෙරුවා කියලා දඩුවම් දෙනවද. මොන හොර වැඩෙ කෙරුවත් එලවන්න බැහැ. නමුත් ගෝටා නම් නැවත මහින්දයගේ ගෙදරවත් යන්නෙ නැහැ ලැජ්ජාවක් තියෙනවානම්. රුවන්වැලි සැය ඉදිරිපිට දිව්රුම් දුන්නෙ. ලක්ශ ගානක් වියදම් කරලා. දෙවියන්ටත් කෙරුවේ බොරුව අන්තිමට. රටෙත් නැහැ. මේවගෙ උන් ලොකේ කොහෙවත් නැහැ. යක්කුන්ට කියලා වැඩ අරගෙන. රට පාලනය කරන්න පුලුවන්නම් සේරම පාසල් විශ්වවිද්‍යාල සේරම දේවාල කෙරුවනම් හොඳයි. ඉගෙන ගන්න දුක් විදින්න අවශ්‍ය නැහැ. දේවාලෙ මහ කපුවා මහින්දව පත් කරලා.
මුන්ගේ දරුවන්ටයි ගෑනුන්ටයි ලෙඩ හැදිලා පාර දිගේ ඇද ගෙන යන්න ඕනේ
අපේ දේශපාලකයෝ රජයේ වියදමින් වෙස්සන්තරා ලා වගේ වැඩ කරනවා. කාලගුණ සැලකීමත් ගජ රාමෙට.
රනිල් වික්‍රමසිංහ ,මෙය බොළඳ ක්‍රියාවක් සහ රාජ්‍ය අමාත්‍යවරුන් 36 දෙනාම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අය බැවින් ඔබ රාජපක්ෂලාගේ බළල් අත බවට පත්ව ඇති බව මෙයින් පැහැදිලිය. රට දරුණු සහ අවුල් ජාලයක සහ මූල්‍ය ප්‍රපාතයක තිබියදී ඔබ රෝමයේ නීරෝ මෙන් ක්‍රියා කරයි. මාතෘභූමියට ද්‍රෝහී නොවන්න
ලෝක බැංකුව ඇස් ඇරපල්ලා
ඕක 134ක් කරන්න බැරිද... අර ස්වාධීන කියලා කියන ටිකටත් දෙන්න
බන්කොලොත් කරපු රටෙ බර තව වෑඩි වෙනවා.. ආපු ගමන් ගිහින් අඬ අඬ ඈමතිකම් ඉල්ලුවනෙ..
Most of the present parliamentarians are not eligible to become cabinet misters or state ministers. If the same lot continue country will go down the precipice further. Better to dissolve the parliament early next year and go for a general election. Public must elect only the good , proactive visionary people to the parliament irrespective of their political orientation in that election. Otherwise same tragedy will continue and no future for young generation and unborn generation. Remember the public is already suffering and situation will become worse in time to come.
අපි හැමෝගෙම වගකීමක් ඡන්දය හරියට පාවිච්චි කරන එක. සුදුසු පාලකයන් පත්කරන්න අපි ඇත්තටම කතිරයක් වත් හරියට ගහගන්න බැරි පිරිසක්. අපි වෙනස්වෙමු.
At the next available opportunity let's change this system get rid of most of the parliament members in present parliament and vote for a new parliament members with high caliber and who can develop our country and care for our people.