ඊශ්‍රායල මහ මැතිවරණය අද (27) පැවැත්වෙයි. බලයේ සිටින අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු මැතිවරණයට ඉදිරිපත් වන්නේ දිගටම බලයේ රැඳී සිටීමේ අපේක්ෂාවෙනි. 

නෙතන්යාහු යළි බලයට පත්වීම වැළැක්වීමේ එකම අරමුණින්, විපක්ෂ දේශපාලන පක්ෂ 4 ක්, සන්ධානගතවී සිටී. ඊශ්‍රායලයේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් එකමුතු වුණු මෙම විපක්ෂ සන්ධානයේ අග්‍රාමාත්‍ය අපේක්ෂකයා ලෙස හිටපු හමුදාපති ගාඩි අයිසෙන්කොට් පෙරමුණ ගෙන සිටී.

ඊට අමතරව, හිටපු අගමැති නෆ්තාලි බෙනට් ද තවත් ප්‍රධාන අපේක්ෂකයකු ලෙස මැතිවරණයට ඉදිරිපත් වෙයි.

ඊශ්‍රායල පාර්ලිමේන්තුව හැඳින්වෙන්නේ ‘නෙසට්’ සභාව යනුවෙනි. මැතිවරණය පැවැත්වෙන්නේ ‘නෙසට්’ සභාවේ ආසන 120 සඳහාය. 

2023 ඔක්තෝබර් 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල වුණු හමාස් සටන්කාමීන්ගේ ප්‍රහාරයෙන් පසු, ඊශ්‍රායලයේ මැතිවරණයක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි. ගාසා තීරයේ යුදමය තත්වයක් නිර්මාණය වූයේ 2023 ඔක්තෝබර් 7 වැනිදා එල්ල වුණු එම හමාස් ප්‍රහාරයෙන් පසුවය.

මැතිවරණයට පෙර, ඊශ්‍රායලයේ ටෙල් අවීව් ඇතුළු ප්‍රධාන නගරවල දැවැන්ත විරෝධතා පෙළපාළි පැවැත්විණි. ඒ, නෙදන්යාහුට විරෝධය පළ කරමිනි. දහස් ගණනක් එම විරෝධතාවලට එක් වූහ. ගාසා තීරයේ පලස්තීනුවන් අමුඅමුවේ ඝාතනය කිරීම සම්බන්ධයෙන්, නෙදන්යාහුට යුද අපරාධ චෝදනා පවා එල්ල වී ඇත.

77 හැවිරිදි නෙදන්යාහු නායතත්වය දෙන්නේ ලිකුද් පක්ෂයටය. මෙම පක්ෂය ඔවුන්ට හිතවත් දකුණාංශික පක්ෂ සමග සන්ධානගතව සිටී. මැතිවරණය සම්බන්ධයෙන් පැවැති ජනමත විමසුම්වලට අනුව, නෙතන්යාහුගේ දකුණාංශික සන්ධානය සහ යුදෙව් විපක්ෂ සන්ධානය අතර ඉතා තියුණු තරගයක් පවතිනු ඇත. 

එසේ වුවත්, ඊශ්‍රායලයේ සමානුපාතික නියෝජන ඡන්ද ක්‍රමය හේතුවෙන් කිසිදු තනි පක්ෂයකට ආසන 61 ක බහුතරයක් පහසුවෙන් දිනා ගැනීම කළ නොහැකිය. එබැවින් ආණ්ඩුවක් පිහිටුවීමට වැඩි ඡන්ද ප්‍රතිශතයක් දිනා ගන්නා පක්ෂ අතර පුළුල් සන්ධානගත වීම් අනිවාර්ය වෙයි.

නවතම සමීක්ෂණ වලට අනුව පෙනී ගොස් ඇත්තේ, විපක්ෂ සන්ධානයට ආසන 52 ක් ද, නෙතන්යාහුගේ ආගමික ජාතිකවාදී සන්ධානය ආසන 50 ක් ද හිමිවනු ඇති බවය.

ඊශ්‍රායල පලස්තීන සම්භවයක් සහිත වැසියන් නියෝජනය කරන පක්ෂ ආසන 13 ක් පමණ දිනා ගනු ඇතැයි ද පැවැසෙයි. එසේ වුවහොත් නව රජයක් පිහිටුවීමේ තීරණාත්ම