(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකා සම්භවයක් සහිත කොන්සර්වටිව් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් මැල්කම් ජයවර්ධන මහතා බ්‍රිතාන්‍ය පරිසර,ආහාර සහ ග්‍රාමීය කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස පත් කෙරුණු බව බ්‍රිතාන්‍ය රජය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

2020 වසරේ මැයි මස සිට 2022 වසරේ සැප්තැම්බර් මාසය තෙක් රනිල් මැල්කම් ජයවර්ධන මහතා බ්‍රිතාන්‍යයේ ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කර ඇත.

1986 වසරේදී බ්‍රිතාන්‍යයේ උපන් රනිල් ජයවර්ධන මහතා 2015 සිට මේ දක්වාම එරට ඊසානදිග හැම්ප්ෂයර් ප්‍රදේශය නියෝජනය කරමින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට තේරී පත්වී සිටින්නෙකි.

2015 වසරේ මැයි 08 වැනිදා පැවති බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණයේදී එරට පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ ඡන්ද 35,573 ක් ලබා ගනිමිනි.ඉන්පසුව 2017 පැවති මහමැතිවරණයෙන්ද ,2020 ජනවාරි පැවති මැතිවරණයෙන්ද හෙතෙම ජයග්‍රහණය කළේය.