(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

රටේ මන්දපෝෂණ තත්වය සම්බන්ධයෙන් පැවැති විවාදයේදී පිළිතුරු කතා පැවැත්වීමට කිසිදු වගකිව යුතු ඇමැතිවරයෙකු පාර්ලිමේන්තු සභා ගර්භයේ අද පස්වරුවේ රැඳී නොසිටීම විශේෂ සිද්ධියක් විය.

රටේ මන්දපෝෂණ තත්වය පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ විවාදය දින දෙකක් පුරා  සහ  පැවැත්විණ.

මෙම විවාදය සඳහා යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ සමගි ජන බලවේගය පක්ෂයේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීනී රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය විසිනි.

රටේ මන්දපෝෂණ තත්වය සම්බන්ධයෙන් පැවති විවාදයේ පිළිතුරු කතා පැවැත්වීමට වගකිවයුතු ඇමතිවරයකු නොසිටීම කණගාටුදායක කරුණක් බව රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය විවාදය අවසානයේදී පැවැසුවාය.

මෙම විවාදයේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු පනහකට වැඩි පිරිසක් අදහස් දැක්වූහ.

මන්දපෝෂණය අතින් ශ්‍රී ලංකාව ලෝකයේ 6 වෙනි තැන පසුවන බව යුනිසෙෆ් සංවිධානය සිය වාර්තාවෙන් අනාවරණය කර තිබිණ. යුනිසෙෆ් සංවිධානය අනාවරණය කළ එම කරුණු පදනම් කරගෙන සමගි ජන බලවේගය පක්ෂය මෙම විවාදය ඉල්ලා තිබිණ.