(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිට ස්වාධීනවූ මන්ත්‍රීවරුන්  පිරිසටද මැති සබයේ කතා කිරීමට අවස්ථාවක් තිබිය යුතු බව මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

කතා කිරීමට කාලය ඉල්ලා කතානායකවරයා පසුපස යෑමට අවස්ථාව නොසැලසිය යුතු බවද ඔහු සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ සභාවේ  කටයුතු ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.