
(නිමල කොඩිතුවක්කු)
දිවයිනට බලපා ඇති තද වැසි හේතුවෙන් දිස්ත්රික්ක 7 ක නායයෑම් අවධානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ප්රකාශ කරයි.
ඒ අනුව ගාල්ල, කලුතර, කෑගල්ල, රත්නපුර, ගම්පහ, කුරුණෑගල, මහනුවර සහ නුවරඑළිය දිස්ත්රික්ක සඳහා හෙට(27) පස්වරු 2.45 දක්වා මෙම නායයෑම් නිවේදන නිකුත් කර ඇති බවද එම මධ්යස්ථානය පවසයි.
මෙයට අමතරව රත්නපුර දිස්ත්රික්කයේ ප්රදේශීය ලේකම් කොට්ඨාෂ 6 ක් සඳහා නායයෑම් රතු නිවේදන නිකුත් කර ඇතැයි ද ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd