
(නිමල කොඩිතුවක්කු)
ආණ්ඩුව ගෙන යන මර්දනකාරී වැඩ පිළිවෙළට එරෙහිව සහ ජනතාව මුහුණ දෙන අර්බුද වලට එරෙහිව සමාජවාදී තරුණ සංගමය හා ගෝල්ෆේස් අරගලකරුවෝ කොළඹ දී අද (7) සත්‍යග්‍රහයක නිරත වූහ.
‘‘මර්දනයට එරෙහි කළු හෝරාව‘‘ මැයෙන් බත්තරමුල්ල පොල්දූව හන්දියේ දී සංවිධානය කළ මෙම සත්‍යග්‍රහය සඳහා කලාකරුවන් ඇතුළු පිරිසක් කලු වතින් සැරසී එක්ව සිටියහ.
මර්දනය නවතනු ජනතාවට සහන දෙනු ආණ්ඩුව වේදිකාවෙන් බැස යනු ආදී සටන් පුවරු ප්‍රදර්ශනය කරමින් පිරිස සත්‍යග්‍රහයේ නිරත විය.
සත්‍යග්‍රහය හේතුවෙන් පොල්දූව අවට මාර්ගවල රථවාහන තදබදයක් පැවැතියේය. මේ සඳහා දමිතා අබේරත්න, සමාජවාදී තරුණ සංගමයේ එරංග ගුණසේකර, ලහිරු වීරසේකර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
(ශාන්ත රත්නායක)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය නම් තේරුමක් නැති වැඩමයි කරන්නේ...!
ධර්මිෂ්ඨ නම් දැන් ඉතින් ණය ලැබෙන්නෙත් නෑ... ජීවත් වෙන්න මේක තමයි මම හඑිතන්නේ කරන්නේ...
දමිතා අබේරත්න ‘'මර්දනයට එරෙහි කළු හෝරාව‘‘ කෙසේ වෙතත්... අරගල කරුවන්ගේ ‘'මරණයට එරෙහි කළු හෝරාව‘‘ කරවයිද දන්නේ නැහැ...?
තේරුමක් නැති දේවල්...
අරගලයේ මුල් කාලේ වගේ නොවේ .මෙසේ අමුතු අදහස් ලියන අය ගොඩයි
මේ අම්මන්ඩිට ගෙයක් දොරක් නැද්ද මන්දා.full makeup උලා ගෙන හැමදාත් පාරේ. ticket එක ලැබෙයි ඉක්මනින්ම වසන්ත කොලුවගෙ තනියට
දමිතා අක්කාගේ හිනාව
පේනවා නේද රටේ සාමාන්‍ය ජනතාවට තිබෙන කරදර මේ කාලකනින් ගෙන් ? ඉතින් මුන්ව මර්දනය නොකර පුලුවන්ද? මර්දනය නොවෙයි පාහේ හිරවෙලා තිබෙන වාහන වල ස්පෙයාර් ටයර් බෙල්ලට දාලා පුච්චන්න ඕනේ. මුන්ට අරගල කරන්න පාලු කනත්තක් හොයලා දුන්නොත් හොඳයි.
They need to dance according to music provided to them by NGOs, Diaspora as they are getting paid by them. This is these good for nothing set of people occupation now.
මේ හොරාකාපු දේශපාලුවන්ට කඩේ යන කාලකන්නි තාම ඉන්නවනෙ.ව්‍යවස්ථා සෙල්ලම් දදා පක්‍ෂයක් නැති හොරෙක් රට වලපල්ලට යවල නැත්තට නැති කරන්න හදන්නෙ.තරැණ කොල්ලො කරපු උත්සාහයෙන් රට හරි පැත්තට යවන්න තිබ්බ අවස්ථාව අපරාධෙ අඩපන වුනා. රටේම කරැමෙ තමයි.රටට අබ සරණයි.
අපි වෙනුවෙන් තොපි , ජය වේවා
මුන්ට කැමති නැති බහුතර ජනතාව මුන්ගේ ගොන් වැඩ නිසා මොනතරම් කාලය සහ ධනය නාස්ති කරගන්න සිද්ධ වෙලා තතියෙනවද
මේ අය නියම අරගලයට අයත් නොවේ. ඔවුන් පසුව ජ.වි.පෙ සහ පෙරටුගාමී පක්‍ෂය විසින් අරගලයට රිංගවූ පක්‍ෂ වහලුන් ය. අරගලය අප පටන් ගත්තේම පක්‍ෂ, පාට, ජාති, ආගම් වලින් තොරව ඉතා සාමකාමී ලෙස වන අතර, එයට මුලින් උදව් නොකර මග හැරිය උන්, දැන් මේ හදන්නේ බොර දියේ මාළු බෑමක් ය. අපට රට සමාජවාදී හෝ ධනවාදී කිරීමට උවමනා නැත. අප කරන්නේ මග පෙන්වීමක් පමණි.එහෙත් මොවුන් හදන්නේ රට ලේ ව්ලක් කිරීමටය.
අරගලකරුවන් ජනතාවට කරදරයක්
එතන වට රවුමේ මිනිස්සු වැඩිවෙලා හිටියා ඇරෙන්න කවුරුත් පාරට බැහැලා උද්ඝෝෂණය කළේ නෑ.
බයියන්ටත් වහලුන්ටත් අරගලය පෙන්න්ඩ බැරි වුණාට අරගලය නැත්නම් මේ ඉන්න 225 රට තවත් බංකළොත් කරලයි පස්ස බලන්නේ.