(ඉන්දිකා රාමනායක)
කොළඹ කෙසෙල්වත්තේ දී ඊයේ (7) රාත්‍රියේ පිරිසක් තියුණු ආයුධවලින් පහර දීම නිසා පුද්ගලයකු මියගොස් කාන්තාවක් බරපතළ තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.
පෞද්ගලික ආරවුලක් මුල් කරගෙන මෙම ගැටුම හටගෙන ඇති බව ද පොලිසිය සඳහන් කරයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ කොළඹ 12 පදිංචි (43) හැවිරිදි පුද්ගලයෙකි.
කාන්තාව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි. සිද්ධියේ සැකකරුවන් ප්‍රදේශයෙන් පළාගොස් ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd