
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාව ඇතුළු චීනයෙන් ණය ලබාගෙන ඇති රටවල් සැලකිය යුතු ප්‍රමාණයක් චීනයෙන් ණය සහන ඉල්ලා තිබීම හේතුවෙන් චීනයට තම ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ප්‍රතිපත්තිය පිළිබඳ නැවත වරක් සිතා බැලීමට සිදුව ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.
ණය කොන්දේසි පිළිබඳ සහ ණය ගෙවීමට නොහැකි රටවල් සමඟ එකඟතාවයකට පැමිණෙන්නේ කෙසේදැයි ප්‍රසිද්ධ නොකරන ලෝකයේ ප්‍රධානතම ද්වි පාර්ශ්වික ණය දෙන්නා වන චීනයට මේ හේතුවෙන් නව අභියෝගයක් මතුව ඇතැයි රොයිටර් පුවත් සේවය පෙන්වා දුන්නේය.
2000 වසරේ සිට 2017 වසර දක්වා චීනය ලෝකයේ රටවල් 165 ක් සඳහා ලබා දී ඇති ණය වල වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 843 ක් බව රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.ඉන් සියයට 5 කටත් වඩා අඩු ප්‍රමාණයක් පොලී රහිත ණය බව රොයිටර් පුවත් සේවය පෙන්වා දුන්නේය.
මේ වන විට චීනය අප්‍රිකානු රටවල් 17 කට ලබා දී තිබු පොලී රහිත ණය 23 ක් මේ වනවිට කපා හැර ඇතැයි රොයිටර් පුවත් සේවය ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 18
378
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
224
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
චීනය ණය ප්‍රතිව්‍යුහගත කරන්න දෙවරක් හිතයි