
(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අධිකරණයට අපහාස වන අයුරින් ප්‍රකාශයක් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා ලබන 13 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාට අභියාචනාධිකරණය අද (08) නොතීසි නිකුත් කළේය.
ඒ අනුව මෙම පෙත්සම් දෙක ලබන 13 වැනිදා යළි කැඳවීමට ද අභියාචනාධිකරණය නියෝග කළේය.
නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්. ගුරුසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් සැලකිල්ලට ගැනිණ.
නිතීඥ විජිත කුමාර සහ නීතිඥ ප්‍රියලාල් සිරිසේන යන මහත්වරුන් විසින් මෙම පෙත්සම් දෙක අභියාචනාධිකරණය හමුවේ ගොනු කරනු ලැබ ඇත .
පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන උපුල් ජයසූරිය, සාලිය පීරිස් යන මහත්වරුන් අධිකරණය හමුවේ පෙනී සිටියහ.
පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා වගඋත්තරකරු ලෙස නම් කරමින් ඉදිරිපත් කර ඇති මෙම පෙත්සම්වලින් පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇත්තේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට නියෝගයක් ලබා ලබා දෙන ලෙසය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවද ඔට්ටු මෙ නඩුව ඉදිරියට් ගෙනියන්න නිතිපති ඉඩ ඩෙන්නෙ නෑ.
ඔක්සිජන් දෙන්න වෙයිද?
මුන්ට අදිකරණ දඬුවම් සුමට වැඩියි ඕකුන්ට දඬුවම් කරන්න ජනතාවට අවස්ථාව දෙන්න ඕනෙ... ගෝල්ෆේස් එකට ගෙනත්
මුන්ට අදිකරණ වලින් දඬුවම් කරලා වැඩක් නැහැ ගෝල්ෆේස් ගෙනත් ජනතාවට දෙන්න ඕනෙ ප්‍රසිද්දියේ දඬුවම් කරන්න.