
(ඩයනා උදයංගනී)
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඇතුළු මර්දන නීති වහා අහෝසි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලය සංවිධානය කළ විරෝධතාවයක් පිටකොටුව බෝධිය අභියස දී අද පස්වරුවේ පැවැත්විණි.
'දූෂිතයින් හොරුන් නිදැල්ලේ - සටන් වැදුණු අපේ එවුන් හිරගෙට', 'විධායක ජනාධිපති ක්‍රමය වහා අහෝසි කරනු', 'විදුලිය ගෑස් මිල දරන්න බෑ - වහා මිල පහත හෙලනු', 'තවත් ණය කරන්න එපා. හොරාකාපු සල්ලි දියව්' ඇතුළු සටන් පාඨ ප්‍රදර්ශනය කරමින් හා සටන් පාඨ කියමින් පිරිස විරෝධතාවයේ නිරත වූහ.
ඡායාරූප - ගයාන් අමරසේකර



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලය බුද්ධ දර්ශනය සක්තිමත් කිරීම වෙනුවෙන් කටයුතු කරන්න. ඔබලාගේ ක්‍රියාවන් සහ හැසිරීම බුද්ධ දර්ශනයට අනුව සහ විනය පිටකයට අනුව කිසි සේත්ම සුදුසු නැත.
දේවදත්ත නිකායේ මේ රහතන් වහන්සේලා තමයි ශ්‍රී ලංකාවේ බුද්ධ සාසනය විනාස කරන්නේ, ඒ වගේම දේශපාලන පක්ෂවල අතකොලු බවට පත් වුණු මෙවැනි භික්ෂූන් නිසා ගරුතර සංඝරත්නය කෙරෙහි මහජනතාවගේ ඇති ගෞරවය ද විනාශ වී යනවා ... !
වැඩ නැති යක්කු
මුන් ඔක්කොම් සිවුරු දාගත්ත අන්තරේ ජෙප්පෝ. සිවුරු දාගෙන එන්නේ පොලිසියෙන් ගුටිකන්න බයේ. මුන්ම තමයි අමුඩ ගහගෙන ගොවි උද්ඝෝෂණ වලට එන්නේ. ගහන්න ඔලු කුඩුවෙන්න.