
(අංජුල මහික වීරරත්න සහ ඩයනා උදයංගනී)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී දිනිත් චින්තක කරුණාරත්න මහතා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (08) වැඩබාර භාරගත්තේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිර්දේශය මත අමාත්‍ය මණ්ඩල අනුමැතියට යටත්ව ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් මෙම පත් කිරීම කර තිබෙි. කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවකු වන දිනිත් චින්තක කරුණාරත්න මහතා ජීව විද්‍යා උපාධිධාරියෙකි.
විජය පුවත්පත් සමාගමේ ලංකාදීප පුවත්පතේ වාර්තාකරුවකු ලෙස වෘත්තීය දිවිය ආරම්භ කළ දිනිත් චින්තක කරුණාරත්න මහතා ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ දශක තුනකට වැඩි කාලයක් පුවත්පත් සම කර්තෘ ධුරය ඇතුළු වගකීම් සහගත තනතුරු රැසක හසල අත්දැකීම් ලබා ඇති මාධ්‍යවේදියෙකි.
එමෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා හි ශාන්ත මොනිකා විද්‍යායතනයේ සන්නිවේදනය පිළිබද පශ්චාත් උපාධි ඩිප්ලෝමා ධාරියෙකු ද වන කරුණාරත්න මහතා ජනමාධ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධව දේශීය මෙන්ම විදේශීයව ද පුළුල් පරිචයක් ලබා ඇත.
නව ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ධූරයෙහි වැඩ බාර ගැනීමේ අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට මහතා ඇතුළු ජනමාධ්‍ය අමාත්‍යංශයේ සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිලධාරීහුද ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ ද එක්ව සිටියහ.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලින් හිටපු කෙනා අයින් උනාද ,අයින් කළා ද. රනිල්ව ඕන අයව පත්කරන බවයි පේන්ඩ තියෙන්නේ ?
මා දන්නා පරිදි, චින්තක දිනිත් කරුණාරත්න මහත්මා ජනමාධයය ක්ෂේතය තුල කාලයක් පුරා සිටින ඉතා පරිණත ජනමාධයය හි ප්‍රවීණයෙක්. එතුමා අනාගක ලාංකික ජනමාධයය වෙනුවෙන් හොඳ දෙයක් කරාවි යනෙ මාගේ අවබෝධයයි. එතුමාට, මාගේ උණුසුම් ශුභ පැතුම්, මෙයින් පුද කරමි!. රවී රාජපක්ෂ මුදලිගේ.