‘‘ආණ්ඩුවන් කරගත් අමනෝඥම ක්රියාව කරගත්තා‘‘
ගාලු මුවදොර පිටියේ හා අරලියගහ මන්දිරය ඉදිරිපිට සාමකාමී විරෝධතාවක නිරත වූ ජනතාවට මැර ප්රහාරයක් එල්ල කිරීමට අනුබලදීමෙන් වත්මන් රජය මෑත ඉතිහාසයේ ආණ්ඩුවක් විසින් කරගත් ඉතා බරපතල, අමනෝඥ ක්රියාවක් කරගත් බව ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පැවසීය.