ණයට බොරතෙල් ගන්න කැබිනට් අනුමැතිය සපුගස්කන්ද තෙල් පිරිපහදුවට බොරතෙල් බැරල් 450,000ක් දින 180ක ණය පදනම යටතේ සයිප්‍රසයේ, ටෙරා නෙවිස් ගෘෘප් සමාගමෙන් ලබාගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. 01 February 2022
ඒ.එස්.පී වරයකු යටතේ බිත්තර ප්‍රහාරය ගැන පරීක්ෂණ ජාතික ජනබල වේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ මෝටර් රථයට ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරිවරයකු යටතේ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලීසිය කියයි 01 February 2022
බිත්තර ප්‍රහාරය ස.ජ.බ හෙලා දකියි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඉලක්ක කරමින් එල්ල කළ බිත්තර ප්‍රහාරය රටේ ප්‍රධාන විපක්ෂය ලෙස සමගි ජනබලවේගය හෙලා දකින බව හිටපු ජනමාධ්‍ය අමාත්‍ය සහ සමගි ජනබලවේගයේ උප සභාපති ගයන්ත කරුණාතිලක මහතා ප්‍රකාශ කළේය. 01 February 2022
පළමු වාරයේ පාසල් නිවාඩුව 4 දා සිට 2022 පෙබරවාරි 07 දින සිට මාර්තු මස 05 වැනි දින තෙක් පැවැත්වෙන 2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග කාල සීමාව ආවරණය වන පරිදි එළඹෙන 04 වැනි දින සිට මාර්තු මස 06 වැනිදා තෙක් පාසල් නිවාඩු ලබාදීමට තීරණය කර අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ. 01 February 2022
අතුරුදහන් ධීවරයන් දෙදෙනකුගේ සිරුරු ගොඩ ගසයි මීට දින 5 කට පෙර කිලිනොච්චිය මරදන්කේනි ආඩියාවලෙයි මුහුදු තීරයේ මසුන් අල්ලීමට ගොස් අතුරුදහන්වූ ධීවරයි්න් දෙදෙනාගෙ සිරුරු ගොඩගසා ඇති බවට පොලීසිය පවසයි. 01 February 2022
ඉන්දීය ධිවරයන් 21 මෙරට මුහුදු සීමාවේදී අල්ලයි යාපනය, කන්කසන්තුරය මුහුදු සීමාවේ මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් 21 දෙනකු සමඟ ට්‍රෝලර් යාත්‍රා දෙකක් අත්අඩංගුවටගත් බව නාවික හමුදාව පවසයි. 01 February 2022
ලිත් නඩුවෙන් බැසිල් නිදහස් ජනාධිපතිවරණ සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට වාසිවන අන්දමට ඔහුගේ රුව ඇතුළත් ලිත් ලක්ෂ 50ක් මුද්‍රණය කිරීමෙන් රජයට පාඩු සිදු කළ බවට හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය වත්මන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ කිත්සිරි රණවක මහතාට එරෙහි නඩුවෙන් විත්තිකරුවගේ වාචික නොකැඳවාම ඔවුන් දෙදෙනා නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා නියෝග කළේය. 01 February 2022
බස් - ටිපර් අනතුරෙන් 12 ක් රෝහලේ හොරණ කොළඹ මාර්ගයේ කුඹුක හන්දියෙන් ඇඟලුම් කර්මාන්තශාලා සේවක සේවිකාවන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් දොළොස් දෙනකු තුවාල ලබා ඇතැයි මොරගහහේන පොලිසිය කියයි 01 February 2022
පෞද්ගලික අංශයෙන් මාස 6කට විදුලිය ගන්න ටෙන්ඩර් කැඳවයි විදුලිබල මණ්ඩලයට පෞද්ගලික අංශයෙන් මාස හයකට විදුලිය මිලදී ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවීමට රජය තීරණය කර ඇත 01 February 2022
ආරක්ෂිත බැම්මකින් පහළට වැටී පුද්ගලයෙක් මරුට හෝමාගම රෝහල අසළ උත්සව ශාලාවක පැවති විවාහ මංගල උත්සවයක් අතරතුරදී ආරක්ෂිත බැම්මකින් බිමට වැටී පුද්ගලයෙකු මිය ගොස් ඇතැයි හෝමාගම පොලිසිය පවසයි . 01 February 2022
වැල්ලම්පිටියේ වෙඩිතැබීමක් වැල්ලම්පිටිය සාලමුල්ල ගමගේ වත්ත ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු සිදු කළ වෙඩි තැබීමකින් අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය. 01 February 2022
ඩොලර් හිඟයෙන් මුද්‍රණ කර්මාන්තයත් නවතී ? ඩොලර් හිඟය නිසා කඩදාසි ආනයනය අවම වීමෙන් මුද්‍රණ කර්මාන්තය ද කඩා වැටීමේ අවදානමක් මතුව ඇතැයි වාර්තා වේ. 01 February 2022
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය වරද පිළිගනී බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් අවස්ථා කිහිපයකදී ලන්ඩනයේ අංක 10 ඩවුනිං වීදියේ පිහිටි අගමැති නිල නිවසේ නිරෝධායන නීති කඩකරමින් සාද පැවැත්වීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ රාජ්‍ය සේවිකා සූ ග්‍රේ වාර්තාව පිළිගනිමින් ඊට සමාව ඉල්ලා ඇතැයි විදෙශ් පුවත් වාර්තා කරයි. 01 February 2022
අයිඕසීයෙන් රුපියල්වලට ඩීසල් මිලදී ගනියි ඉන්දියන් ඔයිල් සමාගමෙන් (අයිඕසී) ඩීසල් මෙට්‍රික්ටොන් 15000 ක් රුපියල් ලබාදී මිලදී ගැනීමට සාකච්ඡා කරමින් සිටින බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවසීය. 01 February 2022
අද දවසෙම වැස්ස නෑ ගාල්ල, මාතර, රත්නපුර අහ කළුතර දිස්ත්‍රික්කවල අද (1) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි ස්වල්පයක් ඇතිවන බවකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 01 February 2022
පාර්ලිමේන්තුවේ කොරෝනා පොකුරක් පාර්ලිමේන්තුවේ මුදල් අධ්යක්ෂවරයා ඇතුළු එහි සේවකයන් 25 දෙනකුට කොවිඩ් ආසාදනයවී ඇතැයි තහවුරුවී තිබෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. 31 January 2022
නිදහස් උළෙලට යන අපේ රටේ අමුත්තා යුද හමුදාපතිගේ නිරීක්ෂණයට ශ්‍රී ලංකා විදුලි යාන්ත්‍රික හා ඉංජිනේරු රෙජිමේන්තුව නිෂ්පාදනය කරන ලද වෙඩි නොවදින ප්‍රථම සැහැල්ලු සන්න හා සන්නද්ධ රථය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ශ්‍රී ජයවර්ධනපුර ශ්‍රී ලංකා යුධ හමුදා මූලස්ථානයථානයේදී අද දින පරීක්ෂාවට ලක් කළේය. 31 January 2022
පොලිසියේ දෙපිරිසක් වරකාපොළදී ගුටි ඇනගෙන වරකාපොළ 36 කන්ද ප්‍රදේශයේදී පොලිස් නිලධාරී කණ්ඩායම් දෙකක් අතර සිදුවූ ගුටි බැට හුවමාරුවකට සම්බන්ධ බව කියන පොලිස් පරීක්ෂකවරු දෙදෙනෙක් වරකාපොළ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. 31 January 2022
කොරෝනා ආසාදිතයන් අදත් දහස පනි කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 1082 දෙනකු අද (31) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 31 January 2022
කොරෝනා මරණ 21 වාර්තා වෙයි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 21 දෙනකු ඊයේ (30) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (32) තහවුරු කළේය. 31 January 2022
‘‘අපි අම්මා බලා ගන්නවා නම් සජිත්ට අම්මා බලා ගන්න බැරි ද‘‘ අපේ ආණ්ඩුවක් යටතේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට, ජනාධිපතිට, අගමැතිට ඇතුළු සියළු දෙනාටම ලබා දුන් විශ්‍රාම වැටුප වහාම හෝසි කරනවා. ප්‍රේමදාස මහත්තයා ජනාධිපති වෙලා හිටියා ඒතුමා මිය ගියාට පස්සේ ඒතුමගේ නෝනා ප්‍රේමදාස මහත්මියට ආණ්ඩුවේ සල්ලිවලින් විශ්‍රාම වැටුපක් තවම ගෙවනවා යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි. 31 January 2022
ඩොලර් රට යැවූ බව කියන දෙදෙනකු ගැන විමර්ශනක් භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් රුපියල් කෝටි 26 කට ආසන්න ඇමරිකානු ඩොලර් විදේශයන්ට (ප්‍රේෂණය ) යැවූ බව කියන ව්‍යාපාරිකයන් දෙදෙනකු පිළිබඳව විමර්ශනයක් ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා ඉදිරියේ අද (31) කරුණු වාර්තාකර ඇත. 31 January 2022
කොළඹ නගර සභා කමිටු රැස්වීමේදී කුණු බිත්තර ප්‍රහාරයක් කොළඹ මහ නගර සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී ප්‍රදීප් ජයවර්ධන මහතාට අද (31) පෙරවරුවේ එහි පැවැති කමිටු රැස්වීමක දී මිරිස්කුඩු මිශ්‍ර කුණුබිත්තර ප්‍රහාරයක් එල්ල වී ඇත. 31 January 2022
නිහාල් නෙල්සන්ටත් කොරෝනා ජනප්‍රිය ගායක නිහාල් නෙල්සන් මහතාටද කොවිඩ් ආසාදනයවී ඇතැයි තහවුරුවී ඇත. 31 January 2022
ආණ්ඩුව මාරුවෙද්දී පාලමේ ඉදිකිරීම් නතර වෙලා තිස්සමහාරාම මෝද පැළැස්ස කිරිඳිඔය හරහා ඉදිකළ පාලමේ ඉදිකිරීම් අතරමග නතර වීම නිසා ගම්වාසීහු දැඩි අපහසුතාවයට පත්ව සිටිති. 31 January 2022
කෘමි නාශක නැතිව අර්තාපල් වගා වැනසෙයි ඌවපරණගම සහ වැලිමඩ ප්‍රදේශයේ මෙවර මහ කන්නයේ දේශිය අර්තාපල් අස්වනු නෙලීම ආරම්භව ඇතත් කාබනික පොහොර භාවිතය හේතුවෙන් අර්තාපල් වගාව අතර පණුවන් බෝවීම නිසා වගාවන් විනාශ වී ඇතැයි ඌව පරණගම අර්තාපල් ගොවිහු කියති. 31 January 2022
කෝටි 350 කුඩු සමග ඇල්ලූ 12 රිමාන්ඩ් දකුණු මුහුදේ දී අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 350 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ ග්‍රෑම් 350 කට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මත්ද්‍රව්‍ය නාශක භාරයේ රැඳවුම් නියෝග මත සිටි සැකකරුවන් දාහත් දෙනෙකු අතරින් බෝට්ටු හිමිකරුවෙකු ඇතුළු පස් දෙනෙකු නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා අද (31) නියෝග කළේය. 31 January 2022
උතුරු කොරියාව මිසයිලයක් අත්හදා බලයි හවාසොංග්-12 මිසයිලය ඉරිදා දින සාර්ථකව අත්හදා බැලූ බව උතුරු කොරියාව පවසයි . මෙම මිසයිල අත්හදා බැලීම 2017 වසරෙන් පසු කළ ප්රබලතම මිසයිල අත්හදා බැලීම වේ . 31 January 2022
දින 29කදී සංචාරකයන් 76,538ක් ඇවිත් මෙම වසරේ පළමු දින 29 ක කාලයේදී සංචාරකයන් 76,538 දෙනෙකු පැමීණ ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 31 January 2022
74 නිදහස් සැමරුමට විරුවෝ 6,500ක් මෙවර නිදහස් දින සැමරුම් පෙළපාලිය සඳහා ත්‍රිවිධ හමුදා, පොලිස්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සහ ශිෂ්‍ය භට සාමාජිකයන් 6,500ක් සහභාගී වන බව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පැවසීය. 31 January 2022
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026