
(අංජුල මහික වීරරත්න)
ආසියානු කුසලාන 20යි විස්ස ක්‍රිකට් ශූරතාව සහ දොළොස්වන ආසියානු දැල්පන්දු ශූරතාව හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම් හෙට (13) කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට විශේෂ රථ පෙළපාළියකින් කොළඹ මෙට්ලන්ඩ් පෙදෙසේ පිහිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන කාර්යාලය වෙත සහ ක්‍රීඩා අමත්‍යාංශ සංකීර්ණයේ දැල්පන්දු සම්මේලන මූලස්ථානය වෙත කැඳවාගෙන ඒමට නියමිත බව ජනාධිපති කාර්යාලය පවසයි.
ක්‍රිකට් සහ දැල්පන්දු කණ්ඩායම් කටුනායක ගුවන් තොටුපොළේ දී උත්කර්ෂවත්ව පිළිගැනීමට කටයුතු සූදානම් කර තිබෙි.
ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැඟත් රථ පෙළපාළිය කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් හෙට පෙරවරුවේ ගමන් ආරම්භ කිරීමට නියමිත අතර පෙළපාළිය කොළඹ - මීගමුව මාර්ගයේ පෑලියගොඩ හන්දිය, මරදාන හන්දිය, ඩාර්ලි පාර, යූනියන් පෙදෙස, ඇලෙක්සැන්ඩ්‍රා පාර ඔස්සේ නිදහස් මාවතට පැමිණේ.
ක්‍රීඩා අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය එක්ව මෙය සංවිධානය කරයි.
රටට ජාත්‍යන්තර කීර්තියක් අත්පත් කර දුන් ක්‍රීඩක ක්‍රිඩිකාවන් දිරිමත් කිරීමට ජාතික ධජ අතැතිව ගමන් මග දෙපසට එක්වන ලෙස සියලු ජනතාවට ආරාධනා කරයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd