වෙඩි වැදුණු පස් පොඩ්ඩා මිය යයි ගම්පහ මහාධිකරණය ඉදිරිපිටදී අද දහවල් සිදුවූ වෙඩි තැබීමකින් බරපතල තුවාල ලබා ගම්පහ රෝහලේ දැඩි සත්කාර ඒකකයෙහි ප්‍රතිකාර ලබමින් සිටි අපරාධ කිහිපයකට සම්බන්ධ බව කියන සමන් රෝහිත පෙරේරා නොහොත් ’’ පස් පොඩ්ඩා ’’ නමැත්තා මීට සුලු මොහොතකට පෙර මියගිය බව පොලිසිය කියයි 27 July 2022
කොවිඩ් මරණ තවත් 4 ක් ‘කොවිඩ්’ ආසාදිතවූ පුද්ගලයන් සිවුදෙනකු ඊයේ (26) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (26) පස්වරුවේ තහවුරු කළේය. 27 July 2022
අම්බලන්ගොඩ වෙඩි තැබීමකින් දෙකක් මරුට අම්බලන්ගොඩ ගලගොඩ ජනපදයේ මලගෙදරකට ආ දෙදෙනකු ඒ් කළ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයන් දෙදෙනකු මිය ගොස් එක් අයකු තුවාල ලබා බලපිටිය මූලික රෝහලට ඇතුලත් කල බව අම්බලන්ගොඩ පොලීසිය පැවසීය. 27 July 2022
ලබන නව වැනිදා ඇවිත් අරගලය අවසන් කරන්න මුළු රටම එකතු කරගෙන ලබන නව වෙනිදා කොළඹට පැමිණ මේ අරගලය අවසානය කරා ගෙන ගොස් දූෂිත දේශපාලනඥයන්ගෙන් රට බේරගන්න කියලා අරගලයේ දරුවන්ගෙන් ඉල්ලීමක් කරන බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය. 27 July 2022
ජනපති මහ ගෙදරට යයි අරගලයේ නිරතව සිටි තරුණයන්ගේ ඉල්ලීම වන රටේ ක්‍රමය වෙනස් කිරීම තමාගේ ද පිළිගැනීම යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය. 27 July 2022
හදිසි නීතිය සම්මත වෙයි ජනාධිපතිවරයා විසින් නිකුත් කෙරුණු හදිසි නීතිය පැනවීමේ ගැසට් නිවේදනය වැඩි ඡන්ද 57 කින් පාර්ලිමේන්තුවේදී අද (27) පස්වරුවේ සම්මතවිය. 27 July 2022
ආබාධිතයන්ට පහර දුන්නැයි කීම බොරු ගාලුමුවදොර අරගලකරුවන්ට පසුගිය 22 වැනිදා පහර දුන් අවස්ථාවේදී ආබාධ සහිත පුද්ගලයන්ට අමානුෂික ලෙස පහර දුන්නේ යැයි වන සාවද්‍ය ප්‍රචාරයන් දැඩි පිළිකුලෙන් හෙළා දකින බවත් එය පදනම් විරහිත ප්‍රකාශයක් බවත් ‘අයිතීන් උදෙසා අපි’ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 27 July 2022
පා පැදියක් පමණක් ඇති පුද්ගලයකුගේ නිවෙසින් ඉන්ධන වැඩි මිලට අලෙවි කිරීම සඳහා වැලිගොඩක සඟවා තිබූ ඩීසල් තොගයක් බේරුවල අබේපිටිය චාමර උයන ප්‍රදේශයේ නිවෙසකින් සොයා ගත් බව කියයි. 27 July 2022
“ජයසාගර” අධිකාරියට පත් කරයි නාවික හමුදා විසින් වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙත ප්‍රධාන කර තිබු “ජයසාගර” නෞකාව වෙරළ ආරකෂා නෞකා “ජයසාගර” නමින් පසුගියදා අධිකාරියට පත් කර වෙරළ ආරක්ෂ නෞකා සමුහය වෙත එක් වු බව නාවික හමුදාව කියයි. 27 July 2022
ජනපති නිවෙසට ගිනි තැබූ අය හඳුනාගෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ 03 පස්වන පටුමගේ නිවසට අයුතු ලෙස ඇතුළු වී එහි දේපවලට පහර දී ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් හදුනාගන ඇති ප්‍රධාන ක්‍රියාකාරීන් 14 දෙනකුගේ අනන්‍යතාව තහවුරු කර ගැනීම සදහා අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තුව මහජන සහය පතයි. 27 July 2022
කොළඹ කොටුවේ අදත් විරෝධතා ගාලුමුවදොර අරගලයට පහරදීමට විරෝධය දක්වමින් වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන රැසක නියෝජිතයෝ කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට අද (27) පස්වරුවේ උද්ඝෝෂණයක් පැවැත්වූහ. 27 July 2022
බරණ මැරුවේ කවුද නාමල් උයන රක්ෂිතයේ සහ කලාවැව රක්ෂිතයේ වසර 50 කට අධික කාලයක් සැරිසැරූ ’’බරණ’’ නම් ඇත් රජුගේ මරණය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන්නැයි නාමල් උයන බාරකාර වනවාසී රාහුල හිමියෝ පැවසූහ. 27 July 2022
ඇමරිකා තානාපතිනිය ජනපති හමුවෙයි ඇමරිකා එක්සත් ජනපදතානාපතිනී ජුලී චන්ග් මහත්මිය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේ දී අද (27)සිදු විය. 27 July 2022
රංජන්ට ළඟදීම නිදහස රංජන රාමනායක මහතාට නිදහස ලබාදීම සම්බන්ධයෙන් වන ලිපි ලේඛන සියල්ල මේ වන විට සකසා අවසන් කර ඇතැයි අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය. 27 July 2022
මහඔය පොහොර වංචාවක් ගැන විමර්ශනක් අම්පාර මහඔය ප්‍රදේශයේ සිදුව ඇති යුරියා පොහොර වංචාවක් සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතාට උපදෙස් දුන්නේය. 27 July 2022
ලක්ෂ 200 මෝටර් රථය ගිනි රකුසාට බිලි වත්තල සිට කතරගම පැමිණෙමින් සුඛෝපභෝගී මෝටර් රථයක් තම්මැන්නාව මැණික් වල සීමාව හංදීයේදී හදිසියේ ගිණිගෙන විනාශවී ඇතැයි කතරගම පොලීසිය කියයි. 27 July 2022
වී මෙට්‍රික්ටොන් ලක්ෂයක් ගන්න මණ්ඩලය තීරණය කරයි යල කන්නයේ වී අස්වැන්නෙන් මෙට්‍රික් ටොන් ලක්ෂයක් මිල දී ගැනීමට වී අලෙවි මණ්ඩලය සැලසුම් කර තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 27 July 2022
මෙි අරගල කරුවන් නොවේ අරාජිකකරුවන් දැන් ඉන්නේ අරගල කරුවන් නොව අරාජික කරුවන් බව පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 27 July 2022
පොහොට්ටු පුංචි මන්ත්‍රිනියට කුණු බිත්තර ප්‍රහාරයක් අනුරාධපුර මහ නගරසභා සේවකයන් පිරිසකගේ කුණු බිත්තර ප්‍රහාරයකට ලක් වූ පොහොට්ටු මන්ත්‍රී සුරංගි රේණුකා සමරතුංග මහත්මිය පොලිසිය මැදිහත්ව බේරාගෙන ගොස් ඇත. 27 July 2022
විරෝධතා මුවාවෙන් කෙරෙන ත්‍රස්තවාදී ක්‍රියා ප්‍රතික්ෂේප කරනවා ප්රජාතන්ත්රවාදී විරෝධතා පිළිගන්නා නමුත් විරෝධතා මුවාවෙන් කෙරෙන ත්‍රස්තවාදී හිංසන ක්‍රියා රජය ප්‍රතික්ෂේප කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (27) පැවසීය. 27 July 2022
ගම්පහ අධිකරණය ඉදිරිපිට වෙඩි තැබීමක් ගම්පහ අධිකරණය ඉදිරිපිටදී අද (27) දහවල් වෙඩි තැබීමක් සිදුව ඇති අතර මෙහිදී තුවාල ලැබූ පුද්ගලයින් සිව් දෙනෙකු ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කොට ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. 27 July 2022
ත්‍රීරෝද රථ රියදුරන්ට තවත් හිසරදයක් ජාතික ඉන්ධන බලපත්‍රයට අනුව පොලිස් ස්ථානවල ත්‍රීරෝද රථ ලියාපදිංචි කරන ලෙස බලශක්ති අමාත්‍යංශය කළ දැනුම්දීම සමඟ පොලිස් ස්ථානවලට යන ඇතමුන්ට ත්‍රීරෝද රථයේ ලියාපදිංචි අයිතිය නොමැතිවීම නිසා දැඩි අපහසුතාවට පත්ව ඇති බව වාර්තා වේ. 27 July 2022
‘කොවිඩ්’එන්නත ගන්න උනන්දුව ඉහළ යයි ‘කොවිඩ්’ ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යෑමත් සමඟ ‘කොවිඩ්’ මර්දන එන්නත ලබාගැනීමට ජනතාව තුළ නැවතත් උනන්දුවක් ඇති වී තිබේ. 27 July 2022
‘කොවිඩ්’ රෝග ලක්ෂණ ඇති දරුවන් පාසල් යවන්න එපා ‘කොවිඩ්’ රෝග ලක්ෂණ පෙන්වන දරුවන් පාසල් සහ දිවා සුරකුම් මධ්‍යස්ථානවලට යොමු නොකළ යුතු බවත් එසේ කළහොත් දරුවන්ට රෝග වැළදීමේ අවධානමක් ඇති බවත් ළමා රෝග විශේෂඥා වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසීය. 27 July 2022
දේශපාලන ගෙම්බන්ට ජනතා අධිකරණය දඬුවම් දේශපාලන ගෙම්බෝ වගේ එහාට මෙහාට පැන්නොත් ජනතා අධිකරණය හමුවේ ඒවාට ප්‍රතිචාර විදින්නට සිදු වනු ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී අද (27)පැවසීය. 27 July 2022
අරගලයේ දැන් ඉන්නේ පිස්සන් කුඩුකාරයින් අරගල භූමියේ දැන් සිටින්නේ පිස්සන්, කුඩු කාරයන් පිරිසක් පමණක් බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී අද (27) පැවසීය. 27 July 2022
ගෝඨාභයට තව සති දෙකක් සිංගප්පූරුවේ ඉන්න අවසර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට තවත් සති දෙකක් සිංගප්පූරුවේ රැඳී සිටීමට අවසර ලබාදීමට සිංගප්පූරු බලධාරීන් තීරණය කළ බව විදෙස් මාධ්‍ය පවසයි. 27 July 2022
යුක්රේන වැසියෝ ජොන්සන් ඉල්ලති බ්‍රිතාන්‍ය ‘කොන්සවර්ටිව්’ පක්ෂ නායකත්වයෙන් ඉවත් වී අග්‍රාමාත්‍ය ධුරයෙන් ද සමුගන්නා බොරිස් ජොන්සන්ට යුක්රේනයේ පුරවැසිභාවය ලබා දෙමින්, ඔහුට යුක්රේනයේ අග්‍රාමාත්‍ය ධුරය පිරි නැමීමට යුක්රේන වැසියන් පෙත්සමකට අත්සන් කරන බව වාර්තා වේ. මේ වනවිටත් එම පෙත්සමට අත්සන් 2,500 ක් ලැබී ඇතැයි ද පැවැසෙයි. 27 July 2022
විවාදය අතරතුරේ නිවේදිකාව සිහිසුන් බ්‍රිතාන්‍ය පාලක පක්ෂය වන ‘කොන්සවර්ටිව්’ පක්ෂයේ නායකත්වය සහ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරය සඳහා සටන පවතින්නේ එම පක්ෂයේ ප්‍රබලයන් දෙදෙනකු වන හිටපු මුදල් අමාත්‍ය (චාන්සලර්) රිෂී සුනාක් සහ විදේශ ලේකම් (විදේශ අමාත්‍ය) ලිස් ට්‍රස් අතරේය. 27 July 2022
ජාතික ඉන්ධන බලපත්‍රයට ලක්ෂ 40ක් ලියාපදිංචි වෙති ජාතික ඉන්ධන බලපත්‍රයට ඊයේ (26) රාත්‍රී වන විට පුද්ගලයන් ලක්ෂ 40 ක් ලියාපදිංචි වී සිටි බවත් සිපෙට්කෝ පිරවුම්හල් 299 කදී සහ අයි.ඕ.සී. පිරවුම්හල් 34 කදී පුද්ගලයන් 92,845 කිව්.ආර්. පද්ධතිය භාවිතා කර තිබූ බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 27 July 2022
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026