IMG-LOGO

මෝදි-පුටින් ජින්පින් හමුවක්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර හමුවක් හෙට (15) සහ අනිද්දා (16) දෙදින පැවැත්වෙයි. හමුව පැවැත්වෙන්නේ උස්බෙකිස්තානයේය.

උස්බෙක්සිතානය යනු මධ්‍යම ආසියාවට අයත් රාජ්‍යයක් වන අතර, චීනයේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ‘ෂැංග්හායි’ ආර්ථික සහයෝගීතා සමුළුව මෙවර පැවැත්වෙන්නේ උස්බෙකිස්තානයේ සමර්කාන්ද් නගරයේය. සමර්කාන්ද් නගරය අතීතයේ සේද මාවතට අයත් නගරයක් ද විය.

රුසියාව යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් අනුගමනට කිරීමෙන් පසු, ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි, රුසියන් ජනාධිපති පුටින් සහ චීන ජනාධිපති ජින්පින් එකිනෙකා මුහුණට මුහුණ හමුවන පළමු අවස්ථාව මෙයයි. මොවුන් එකිනෙකා හමුවනු ඇත්තේ සමුළුවට සමගාමීවය. ෂැංග්හායි සමුළුවට කසක්ස්තානය, කිර්ගිස්තානය, ටජිකිස්තානය සහ පාකිස්තානය ද සහභාගී වෙයි.

2019 වසරේ ‘කොවිඩ් 19’ වසංගතය ආරම්භ වීමෙන් පසු චීන ජනාධිපති ෂී ජින්පින් විදේශීය සංචාරයක නියැළෙන පළමු අවස්ථාව වන්නේ ද මෙයයි. චීන ජනාධිපති ෂී ජින්පින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවන්නේ 2019 වසරේ පැවැති ‘බ්‍රික්ස්’ සමුළුවෙන් පසුවය.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

මෝදි-පුටින් ජින්පින් හමුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 144 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 432 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site