(සුරංග රාජනායක)

ගම්පොළ දොළුව පුපුරැස්ස බෝමන්ට් වත්ත අටබාගේ ඔය හරහා ඉංග්‍රීසි පාලන සමයේ ඉදිකළ පාලම දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ගංවතුරට අසුව ගසාන යාම හේතුවෙන් පුපුරැස්ස දෙමළ විද්‍යාලයේ ගුරුවරියක සෑම දිනකම කිලෝ මීටර් 13ක අති දුෂ්කර ගමනක නිතර සිටින්නීය.

පාසලේ දරු දැරියන් ද ගඟ හරහා ඉදිකර ඇති කොටයක් මතින් දැඩි අවදානම් ගමනක නිරතව සිටිති.

දිට්වා සුළි කුනාටුව හේතුවෙන් ඇති වූ මහා ගංවතුරට අටබාගේ ඔය හරහා තිබූ පාලම ගසාන ගිය බව ගම්වාසීහු පවසති. එම ඔයේ පළල අඩි 120කි.

එය කඩා කඩා වැටී වසරක් ගත වූවත් එය යළිත් ප්‍රතිසංස්කරණය නොකිරීම හේතුවෙන් වාහන ධාවනය නොවීම නිසා තම සේවා ස්ථානය වන පාසල සඳහා දිනකට කිලෝමීටර 26 ක් ගමන් කරන බව ඇය කීවාය. ගුරුවරිය ඇතුළු දුෂ්කරතාවයට පත් පවුල් 360 ක් එහි සිටිති.

මේ දුෂ්කරතාවය තවත් දරා ගැනීමට නොහැකි වූ මෙම පිරිස එක්වී පාලම ඉල්ලා උද්ඝෝෂණයක්ද නිරත වූහ.

උද්ඝෝෂණයේ නිරත වෙද්දී වර්ෂාව සමඟ ඇලමාර්ගයේ සැඩ පහර වැඩිවීමෙන් ඔයෙන් එහා ඉවුරේ සිටි පිරිසට එම උද්ඝෝෂණය සඳහා පැමිණීමට ද නොහැකි වීම විශේෂත්වයක් විය.