ආණ්ඩුව රටේ ප්රජාතන්ත්රවාදයට මරු පහරක් එල්ල කරපු 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය අධිවේගී මාර්ගයෙන් ගෙනා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"වර්තමානයේ රටේ අධිකරණ ක්ෂේත්රයේ නීතිය හා සාමය,යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය, නීතියේ ආධිපත්‍ය පිළිබඳව විවිධ සාකච්ඡා සිදුවෙනවා.රටේ අධිකරණ ස්වාධීනත්වය පළුදු කරන ප්රජාතන්ත්රවාදයට මරු පහරක් එල්ල කරන 22 වැනි ආණ්ඩුක්රමය ව්‍යවස්ථාව ඔබ බොහෝ ඉක්මනින් අධිවේගී මාර්ගයෙන් ගෙනාවා.
හැබැයි ඔබ විපක්ෂයේ ඉන්නා විට අධ්‍යාපන අයිතිය, සෞඛ්‍ය අයිතිය, ආගමික අයිතිය, සංස්කෘතික අයිතිය මෙන්ම සංවර්ධනයේ සහ සුභසාධනයේ අයිතිය මූලික අයිතිවාසිකමක් බවට පත්කරන බව කිව්වා.ඔබලා මැතිවරණයේදී සටන් කළේ ජනතා අයිතිය ,කම්කරු අයිතිය, සාමාන්‍ය ජනතාවගේ අයිතිය සිවිල් හා දේශපාලන ඇයිතිවාසිකම් වලට සමානවම මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයට ගෙන එන බව කියමිනුයි.දැන් ඒකට ඔබලා උනන්දුවක් දක්වන්නේ නැහැ.හැබැයි රටේ ප්රජාතන්ත්රවාදයට මරු පහරක් එල්ල කරපු 22 නම් අධිවේගී මාර්ගයෙන් ගෙනාවා.
පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති මාලාවෙන් පොරොන්දු වුණේ ප්රජාතන්ත්රවාදය පුළුල් කරන්නද? ඒක පටු කරන්නද? යන ප්රශ්නය මම අහන්න කැමතියි යනුවෙන්ද විපක්ෂ නායකවරයා කීය.
අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd