(සුජිත් හේවාජුලිගේ)
රටපුරා හෝටල් 30,000න් 10,000ක් පමණ පාන් පිටි බිත්තර මස් මාළු හිඟය හේතුවෙන් සම්පූර්ණයෙන්ම වැසී ගොස් ඇතැයි සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පැවසීය.
මෙයට අමතරව රජයේ ආයතන සහ පාසල්වල ආපනශාලාවලින් හරි අඩක් පමණද පාන් පිටි,බිත්තර, මස් මාළු, හිඟය හේතුවෙන් වැසී ගොස් ඇතැයි ඔහු සඳහන් කළේය.
රට පුරා රාජ්‍ය ආයතනවල ආපන ශාලා 3000ක් පමණද පාසල්වල ආපනශාලා 4600ක් පමණද ක්‍රියාත්මක විය.
එමෙන්ම උත්සව සඳහා (විවාහ මංගල්‍යය දාන ගෙවල්, මළ ගෙවල් සහ පිරිත් ගෙවල්) ආහාර පාන සැපයීම් සේවාද ( කේටරින්) පාන් පිටි බිත්තර මස් මාළු හිඟය හේතුවෙන් සම්පූර්ණයෙන්ම පාහේ නැවතී ඇතැයි පැවසූ අසේල සම්පත් මහතා තුන පහ ඇතුළු ආහාර රස කරන ද්‍රව්‍යවල අධික මිල ගණන්ද මේ තත්වයට තවත් ප්‍රධාන හේතුවක් බව ප්‍රකාශ කළේය.
තවද ගෘහාශ්‍රිතව පාන් පිටි හා බිත්තර ආශ්‍රිතව කේක්, පුඩින්, වටලප්පන් වැනි ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය කළ 60,000ක පමණ වැඩි පිරිසක්ද අමුදව්‍ය හිඟය හේතුවෙන් එම නිෂ්පාදන නැවතී මහමගට වැටී ඇතැයි ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.
මේ අතර ඩොලර්වලට බලනොපාන තැඹිලි ගෙඩිය, කෙසෙල්,පලා මිටිය,පලතුරුවල හිතූ හිතූ මිල ගණන් වලට අලෙවි කරන අසාධාරණ වෙළෙද මාෆියාවක් අද රටේ ක්‍රියාත්මක වන බවත් පාරිභෝගික භාණ්ඩ පාලනයට නිශ්චිත මිල නියාමනයක් නොමැතිවීම මේ ප්‍රශ්නවලට ප්‍රධාන හේතුව බවත් ඔහු සඳහන් කළේය.
යම් පුද්ගලයකු හරි හම්බ කරන මුදලට වඩා වැඩි මුදලක් ආහාර සඳහා වැය කිරීමට අද සිදුවී ඇති බව පැවසූ සම්පත් මහතා වෙළෙඳ මාෆියාවෙන් පාරිභෝගිකයා ආරක්ෂා කිරීම සඳහා පාරිභෝගික පනත තවදුරටත් ශක්තිමත් කළ යුතු බවද පෙන්වා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන පාරිබොගික පනතක්ඩ ක්‍රියත්මක කරන්න කියන්නෙ? ළංකාවෙ ක්‍රියත්මක වෙන්නෙ.......... සල්ලි සහ බලයට පක්ෂපාති දේවල් පමනයි, අපිට අබ සරනයි
රටට මේ කළ විනාශයට රනිල් රාජපක්ෂ ඇතුළු නඩයට හෙණ වදිනවා.
අද වෙළෙඳ පොලේ පවතින අධික භාණ්ඩ මිලට 75% ක් වග කිව යුත්තේ කූට වෙළෙන්දන්ය. පාරිභෝගික අධිකාරිය එය නොදැක්කාසේ අහක බලා ගෙන සිටී.
හොඳ වැඩේ..! පහුගිය කාලේ ඕවා කාලා ඇඟවල්වල තෙලදාලා දැඟලුවා මතක ඇතිනේ කට්ටියට... ඇයි? අල, බතල, මයියොක්කා වවාගෙන කන්න මහන්සිද? මන්ද පෝෂණ කාරයින් රටේ වැඩිවුණාම පාලකයින්ට ලෝකෙන් හිඟා කාලා ඔවුන්ට තිරිහන් වෙන්න පහසුයි. හිඟමනට වැටුණත් සමහරකගේ කටේ නරිවාදම් නම් තවම ඉවරයක් නැහැ...
දවස් දෙකකට පෙර තැඹිලි ගෙඩියක් රුපියල් 160. බට්ටා ලොරියේ රුපියල් 80... අද මම ෆුඩ් සිටියෙන් ගත්තා රුපියල් 82. ඇඔුල්කෙසෙල් ඊයේ රුපියල්...150. අද රුපියල් 200. අවංකවම වෙළෙඳ මාෆියාවක්...!
ප්‍රශ්නයක් නැහැ ඔය හොටල් කාරයොත් මෙ දවස්වල බොහොම සතුටෙන් ඉන්නව ඇති බොල ගහල කොප්ප දෙකක් දිනපු නිසා.