(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ ජනවාර් ගික ප්‍රශ්නයට ලබාදීමට පොරොන්දු වූ දේශපාලන විසඳුම ලබා නොදීම සම්බන්ධයෙන් ඉන්දියාව සිය කනස්සල්ල පළ කරන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වෙනි සැසිවාරයට සහභාගී වෙමින් ජිනීවා හි ඉන්දීය නිත්‍ය නියෝජිත ඉන්ද්‍රා මනී පාන්ඩේ මහතා ප්‍රකාශ කළේය.
එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ මග පෙන්වීම යටතේ මානව හිමිකම් ප්‍රවර් ධනය සහ ආරක්ෂා කිරීමට රාජ්‍යයන්ට වගකීමක් තිබෙන බව ඉන්දියාව සැමවිටම විශ්වාස කරන බව පාන්ඩේ මහතා පැවසුවේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම,පළාත් සභාවලට බලය බෙදීම සහ පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම තුළින් ජනවාර් ගික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබා දීමට ඇති කැපවීම පිළිබඳ සැලකිය යුතු ප්‍රගතියක් පෙන්වීමට ශ්‍රී ලංකාව සමත්ව නැතැයි පාන්ඩේ මහතා එහිදී පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකාව පිළිබඳ ඉදිරිපත් වී ඇති මානව හිමිකම් යෝජනාව සම්බන්ධව ඡන්ද විමසීමක් පැවැත්වීමට ඉඩ තිබියදී පාන්ඩේ මහතා මෙම ප්‍රකාශය සිදු කළේය.ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මීට පෙර යෝජනා ඉදිරිපත් වූ අවස්ථාවලදී තුන්වරක් ඉන්දියාව ශ්‍රී ලංකාවට පක්ෂව ඡන්දය ලබා දී ඇති අතර දෙවරක් ඡන්දය දීමෙන් වැළකී සිට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕගොල්ලන්ගේ කණස්සල්ල ඕගොල්ලෝ තියාගන්න. දෙමළා මේ රටේ ජීවත් වෙනවා නම් රටේ නීතිවලට අවනතව ඉන්න. බැරිනම් අකුලාගෙන යන්න.