(ඩයනා උදයංගනී)
රාජ්‍ය සේවය සඳහා අත්‍යාවශ්‍ය නොවන බඳවා ගැනීම් තාවකාලිකව නතර කිරීමට රජය තීරණය කර ඇතැයි වැඩබලන කැබිනට් ප්‍රකාශක, කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.
ඉදිරි කාලයේ දී සේවා පවත්වාගෙනයාම සඳහා සේවක අතිරික්තයක් තිබෙන අංශවලින් සේවකයන් යොදාගැනීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව ඇමතිවරයා සඳහන් කළේය.
මේ වෙනුවෙන් රාජ්‍ය සේවයේ බඳවාගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම වෙනුවෙන් කමිටුවක් පත්කිරීමට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමතිවරයා ලෙස අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව ද රමේෂ් පතිරණ මහතා කීවේය.
වර්තමානයේ පවතින ආර්ථික තත්වය හමුවේ රාජ්‍ය සේවය වඩා විධිමත්ව, කාර්යක්‍ෂමව හා ඉහළ මට්ටමකින් පවත්වාගෙනයාම අරමුණු කරගෙන විවිධ අංශවල ඇති පුරප්පාඩු හා අතිරික්තයන් ගණනය කිරීමෙන් පසු එම සේවක සංඛ්‍යා තුලනය කිරීමට ද එම කමිටුව වැඩපිළිවෙලක් සකසනු ඇතැයි හෙතෙම පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (13) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර සහ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න යන මහත්වරු ද මෙම මාධ්‍ය හමුවට සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නව බදවා ගැනීම නැවතිය යුතු අතරම අතිරික්ත රාජ්‍ය සේවකයින් ඉවත් කිරීමේ වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක විය යුතුය.
කිසිම වැඩක් හරියට කරගන්න බැරි, රටට කිසිම වැඩක් නැති ගොන් ඇමතිලාවයි බොරු රාජ්‍ය ඇමතිලාවයි පත්කරන එක නවත්වන්න බැරිද?
රජයේ සේවකයින් හා නිලධාරීන් ගැන පමණක් කියන්නේ පාර්ලිමේන්තුවේ 225 යි ජනාධිපතියි. ඊළඟට පළාත් සභා සඳහා අතිවිශාල පිරිසක් හා ආණ්ඩුකාරයා පළාත් පාලන ආයතන සඳහා දහස් ගණනක් අත්‍යාවශ්‍යම වෙලා තියෙනවා කියන්නේ... ලංකාවේ ජනතාව නැනී පාලනයක් ඉල්ලන නිසාද? ඇත්තටම ලංකාව ළමා නිවාසයක් වගේ නොවෙයිද? ලංකාවේ ජනතාව හැම වෙලේම බලන්නේ රජයෙන්ම කන්න කොපමණ තිබුණත් අවිවාහක දරුවන් රජයේ රැකියා කළත්, ආදායම් බදු ගෙවීමට ආදායම් ඇතත් පසුගිය කාලයේ ලබාදුන් 5000 දීමනා හා සමෘධි ගන්න පිරිස් අනන්ත ඉන්නවා..
අලුතින් බඳවාගන්න එපා. වැඩිපුර ඉන්න සේවකයින්ට පුරප්පාඩු ඇති තැන්වලට මාරු කරන්න. ඔය හදන්නේ පරණ සෙල්ලම පටන් ගන්න. ගෝලයින්ට තනතුරු දෙන්න.
මොකක්ද හලෝ ඒ කිව්වේ? අත්‍යාවශ්‍ය නොවන බඳවා ගැනීම් තාවකාලිකව නොවෙයි, සදහටම නවත්වන්න. අත්‍යාවශ්‍ය නොවෙයි නම් මොන එහෙකටද රජයේ සේවයට බඳවාගෙන පින්පඩි මදිවට පැන්ෂන් එකකුත් ගෙවන්නේ...?