(ඩයනා උදයංගනී)
වෙල්ඩින් සහ ග්‍රයින්ඩින් වැනි ක්ෂේත්‍ර සඳහා කොරියාව තුළ විශාල වශයෙන් රැකියා අවස්ථා තිබෙන බවත් භාෂා ප්‍රවීණතාවයක් නොමැතිව වුවද ඒ සඳහා අයදුම් කළ හැකි බවත්, ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.
එන්.වී.කි්‍යු සහතික ආදිය මේ සඳහා අවශ්‍ය නොවන බව කී රාජ්‍ය අමාත්‍යවරයා එම ක්ෂේත්‍රයේ පළපුරුද්ද ඇති ,වයස අවුරුදු 45 ට අඩු පුද්ගලයින්ට මේ සඳහා අයදුම් කළ හැකි බව ද සඳහන් කළේය.
මෙම රැකියාවන්හි වැටුප් රුපියල් ලක්ෂ 8 1/2 සිට ආරම්භ වන බව කී ශාන්ත බණ්ඩාර මහතා ක්‍ෂේත්‍රයේ පළපුරුද්ද ඇති මේ සඳහා උනන්දුවක් දක්වන පිරිස් වේ නම් විදේශ රැකියා ප්‍රවර්ධන කාර්යංශයේ නාවල පිහිටි කාර්යාලයට පැමිණෙන ලෙස ශාන්ත බණඩාර මහතා දැනුම්දීමක් ද කළේය.
එහිදී තාක්ෂණ කමිටුවක් හරහා ඔවුන්ගේ අවශ්‍යතා සම්පුර්ණ කර අදාළ උපදෙස් ලබා දෙන බවත්, ඔවුන්ට රැකියා සඳහා විදේශ ගතවීමේදී රාජ්‍ය බැංකු මඟින් ණය ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (13) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රැකියාවන් කාන්තාවන්ට පමණක් බව කරුණාවෙන් සලකන්න. කිසිම තේරුම් ගැනීමේ හැකියාවක් හෝ අත්පුරුද්ද අවශ්‍ය නැත...!
ඇයි ඔබට ඕනෑවටත් වැඩිය සුදුසුකම් තියෙනවා නේද? යන්නකෝ දැන්..!
හරිම වැදගත් අමාත්‍යතුමනි. කාලයත්, මුදලත් ඉතිරියක් වන අයුරින්... මෙම ක්ෂේත්‍ර සඳහා විශේෂ දක්ෂකම් ඇති අය බහුතරයක් දුර බැහැර පළාත්වල ඉන්න නිසා, තමුන්ගේ කුසලතා අයැදුම්පත් ලියාපදිංචි තැපැල් මගින් කැඳවීම් කර, තෝරාගත් අයැදුම්කරුවන් සම්මුඛ සාකච්ඡා සඳහා, රැකියා ප්‍රවර්ධන කාර්යංශයේ නාවල පිහිටි කාර්යාලයට පැමිණෙන ලෙස දැනුම් දීම කාලෝචිත නොවේද ඇමැතිතුමනි...?
ඉතින් ඒ ක්ෂේත්‍රවල රැකියා තියෙනවා නම් පත්තරවල කියව කියවා ඉන්නේ නැතිව රටේ මිනිස්සුන්ට පුහුණුවක් දෙන එකනේ තියෙන්නේ. ලංකාව ඉදිරියේදී කාර්මික රටක් වෙන්න අදහස තියෙනවා නම් අපටත් මේ පුහුණුව තියන ශ්‍රමිකයින් ඕනෑ වෙනවා. කයිවාරුව විතරයි..!
ඔන්න තරුණයින් ටික මුලාකරගෙන තව බොරුවක් කියනවා. එතකොට මේ පන්ති ගිහින් කොරියානු භාෂාව ඉගෙනගෙන විභාග සමත්වෙලා, වෘත්තීය පලපුරුද්ද සහ සහතික අරන් පොරොත්තු ලේඛන වල ඉන්න මිනිස්සු පැත්තකට දමලාද අනිත් මිනිස්සු යවන්න කතාකරන්නේ...?
කොරියානු රැකියාවලට අයදුම් කරනවා...