(අංජුල මහික වීරරත්න)

මහ කන්නයේ බඩඉරිඟු වගාව සඳහා බඩඉරිඟු බීජ මෙට්‍රික් ටොන්  200ක් ලබා දීමට ජපාන අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය (JICA) සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන(UNDP) එක්ව  එකඟතාවය පළ කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

ඩොලර් මිලියන 1.8ක් වටිනා හයිබ්‍රිඩ් බඩඉරිඟු බීජ මෙි යටතේ ලබා දීමට නියමිතය.

මහ කන්නයේදී හෙක්ටයාර 15,000ක බඩඉරිඟු වගා කිරීම සඳහා මෙම  බඩඉරිඟු යොදා ගැනීමට නියමිතය.

මෙි සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීමේ සාකච්ඡාවක්  කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේදී කෘෂිකර්ම,වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු අතර  එම අවස්ථාවට JICA ආයතනයේ ශ්‍රී ලංකාවේ නියෝජිත Yamada Tetsuya සහ UNDPහි ශ්‍රී ලංකා කාර්යාලයේ ප්‍රධානී Malin Herwig සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන ආචාර්ය ගාමිණී සමරසිංහ සහ පී. මාලතී, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජන්ත ද සිල්වා මහත්ම මහත්මීහු සහභාගී වූහ.

a