
(ඩයනා උදයංගනී)
සෞඛ්‍ය අමාත්‍යාංශයට අත්‍යාවශ්‍ය ඖෂධ හා වෛද්‍ය උපකරණ මිලදීගැනීම සඳහා වෙනත් ව්‍යාපෘති දෙකකට ලැබී ඇති ඇමෙරිකානු ඩොලර් කෝටි 10ක මුදලක් කඩිනමින් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව වැඩබලන කැබිනට් ප්‍රකාශක, කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.
ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ අරමුදල් යටතේ ක්‍රියාත්මක කොළඹ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතියට සහයවීමේ ව්‍යාපෘතිය සඳහා ලැබුණු ඇමෙරිකානු ඩොලර් කෝටි 7ක හා ආපදා අවමකිරීමේ ව්‍යාපෘතිය වෙත ලැබුණු ඩොලර් කෝටි 3ක් මේ සඳහා යොදාගැනීමට නියමිතය.
මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව ද රමේෂ් පතිරණ මහතා කීවේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (13) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර සහ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න යන මහත්වරු ද මෙම මාධ්‍ය හමුවට සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරකටම අත වැනීමකි. තව ටික දවසකින් හා පසුව ලැබෙන සල්ලි හා ආධාර කෝ කියලා ඇහුවම කියයි අපි අරකට වියදම් කරා අනිත් එකට වියදම් කරා කියලා. හොරුන් ගැන අපට කිසිම විශ්වාසයක් නැත.
කෝටි දහයකට නෙවෙයි, කෝටි සීයකට ගෙනාවත් මොකද? මේ බෙහෙත් මැති ඇමති ජනාධිපතිලගෙ අල්මාරිවල ගබඩා කිරීමෙන් ජනතාවට සිද්ධ වෙන සෙතක් නැත.