(ඩී.ජී.සුගතපාල සහ සිරංගිකා ෙලාකුකරවිට)
ගාල්ල මකුළුව දුම්රිය හරස් මාර්ගයේදි මාතර සිට වව්නියාව බලා ධාවනයවු ශීඝ්‍රගාමී දුම්රියේ හැපුන ලොරියක් ආපස්සට කැරකි නවතා තිබු යතුරු පැදි දෙකක වැදි සිදුවු අනතුරකින් බරපතල තුවාල ලැබු යතුරු පැදිකරුවකු අද කරාපිටිය රෝහලට ඇතුළත් කළ බව ගාල්ල පොලිසිය පවසයි.
අනතුරෙන් තුවාල ලබා ඇත්තේ අක්මිමණ වලහන්දුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
සිද්ධිය ඇසින් දුටු කවිෂ කල්හාර යන අය කියා සිටියේ දුම්රිය හරස් මාරගයේ විදුලි පහන් දැල්විම නිසා තමන් සහ තවත් අයකු යතුරු පැදි නවතා ගෙන සිටි අතර පසු පසින් පැමිණ ලොරිය යතුරු පැදි දෙකට මැදින් අනාරක්ෂිත ලෙස ඉදිරියට යනවිට එකවරම දුම්රියේ හැපි කැරකි ආපස්සට පැමිණ යතුරු පැදි දෙකේ වැදුන බවය.
එහිදි එක් යතුරු පැදියක් ලොරියට යටවු අතර තමාගේ යතුරු පැදියද විසිවි ගොස් සුලු තුවාල ලබා බේරුණ බවත් ඔහු කිය. මෙම ස්ථානයේ මෙයට මාස තුනකට පමණ පෙරද මෝටර රථයක් දුම්රියේ දෙදෙනෙකු මිය ගොස් ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සංඥ වැඩ නැති දුම්රිය හරස් මාර්ගයේ මාරාන්තික අනතුරක්
asiri Tuesday, 13 September 2022 11:14 PM
ඔය සංඥා වැඩකරලා තියෙන්නේ..!
රසික Friday, 04 November 2022 04:35 PM
විදුලි සංඤා ක්‍රියාත්මක වූ බව පැහැදිලියි නැත්නම් යතුරැපැදිකරැවන් දෙදෙනා නතර කරගෙන ඉන්නෙ නැහැනෙ.එසේනම් මෙය අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක් වෙන්නෙ නැහැ.වැරැද්ද තියෙන්නෙ සඤා දැල්වෙද්දී ලොරිය දුම්රිය මාර්ගය හරහා දාපු ලොරි රියදුරාගෙ.ඇත්තෙන්ම මේ වගේ මිනිස්සුන්ට බරපතල දඬුවම් ලබා දිය යුතුයි