(ඩයනා උදයංගනී)

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට උපදේශන සේවා ලබාදෙන ප්‍රංශයේ ‘ලසාඩ්’ ආයතනය මේ වන විට මෙරටට ණය ලබාදී ඇති රටවල් සමඟ සාකච්ඡා ආරම්භ කර ඇතැයි වැඩබලන කැබිනට් ප්‍රකාශක, කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද පැවසීය.

මේ වන විටත් එම සමාගම ඉන්දියාව, චීනය සහ ජපානය සමඟ සාකච්ඡා ආරම්භ කර ඇතැයි ඇමතිවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

ශ්‍රී ලංකාව මේ වන විට ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය හා නීති උපදේශන ආයතන කිහිපයක සහය ලබාගෙන ඇති බව ද ඇමතිවරයා කීවේය.