
(ඩයනා උදයංගනී)
ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති ලබන 19 වැනිදා රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මගින් ප්‍රකාශයට පත් කර ඇත.
පොදුරාජ්‍ය මණ්ඩල ප්‍රධානී සහ1952 සිට 1972 දක්වා මෙරට අගරැජිණ ලෙස ද කටයුතු කළ දෙවන එළිසබෙත් රැජිණගේ අවසන් කටයුතු පැවැත්වෙන 19 වැනිදා දිනය රජයේ ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති බැවින් එදින විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට රජය තීරණය කළ ඇතැයි එම අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්නේ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
මෙම නිවාඩු දිනය අත්‍යාවශ්‍ය සේවා පවත්වාගැනීමේදී බාධාවක් නොවිය යුතු බව ද ලේකම්වරයා සිය නිවේදනයේ දක්වා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙහෙමත් රටක්. වැටිලා ඉන්න අගාධයෙන් ගොට එන්න වැඩිපුරත් වැඩ කරනව වෙනුවට නිවාඩු. දැන් ඉතින් එදාට ගෙදරට වෙලා දුක යනකම් අඩන්න තියෙන්නේ.
එංගලන්තයේත් ඉවාඩු දීලද?
අවමගුල් උළෙලට සහභාගී වෙන පිරිස් සදහා ආන්ඩුව බස්රථ කිහිපයක් නොමිලේ ධාවනය කිරීමට තීරනය කර ඇත. සහභාගි වීමට කැමැත්තෝ අරගලභූමියට (ගාලුමුවදොර) පිටියට උදේ 8.00පෙර පැමිනෙන්න
වැටිලා තිබෙන අගාධයෙන් ගොඩ එන්න නම් සතියට දින 5 නොවේ 6 ක් පමණ වැඩ කරන්න ඕනි. දෙවැනි ලෝක යුද්ධයෙන් කුඩු පට්ටම් වෙලා ගිය ජර්මින ජපානය නැවත අවුරුදු 10-15 තුළ ලෝක ආර්ථිකයේ ඉහළටම නැග්ගෙ මහන්සිවෙලා වැඩ කරලා මිසක් නිවාඩු පිට ඉඳලා නොවේ. රැජිනගේ අවමඟුල් කියලා 19 වැනිදට යුරෝපයේ කිසිම රටක් හෝ නාම මාත්‍රික රැජිණ නාම මාත්‍රික රාජ්‍ය නායකයා වශයෙන් සලකන ඔස්ට්‍රේලියාවත් නවසීලන්තයෙත් 19 වැනිදා නිවාඩු දිනයක් කරලා නැහැ. අපි යන්නේ දිනෙන් දින අගාධයට.
කෝවිඩ් වසංගතයත් රටේ තිබුණු කලබලකාරී තත්ත්වයෙනුත් නිසා පසුගිය වසරවල රට වසා තැබූ වාරගණන ඉතා ඉහළයි. එයින් රටේ ආර්ථිකයට වුණු පාඩුවද අති මහත්... එවැනි තත්වයක් තිබියදී කොහේදෝ යන වසර 96 ක් ජීවත්ව මියගිය මිත්තණියකට ගරු කරන්නට රටට නිවාඩු දෙන්නට තරම් රටක් කිරීම නින්දිත වැඩක්. කරුණාකර එයට වහා විරුද්ධ විය යුතු බව තේරුම්ගෙන වහා එදින නිවාඩුව අවලංගුකර වැඩට යන්නට බලපෑම් කළ යුතුයි. ආර්ථිකයට වන බලපෑම අමතක කර අමතර නිවාඩුවක් අවශ්‍ය නම් එය වෙනත් දිනයකට ලබා ගැනීමට කටයුතු කළ යුතුය.
අපරාදෙ පෙට්‍රල් නැතිකළේ... රැජිණ මැරුණා නම් කෙළින්ම සති දෙකක ෂෝක කාලයක් ප්‍රකාශ කරලා, රටම වහලා දමලා, රැජිනගේ පිටින් ආණ්ඩුවේ විලි වහගන්න තිබුණා.
අනුකම්පා හිතිලා ආයෙත් අපිව ආක්‍රමණය කළොත්...!
කොහෙවත් ඉන්න රටක රැජිනක් මියගියා කියලා ලංකාවේ නිවාඩු දුන්නාට මේ රටවල් එහෙම නැහැ. අමුතුවෙන් කියලා නිවාඩු දුන්නත්, නැතත් වැඩක් නැහැ. වැඩිපුරම ඉන්නේ නිවාඩු පිට...!
පුද්ගලික ආයතනවල ඉන්න අපිටත් දුකයි... අපිටත් නිවාඩු දෙන්න.
හැම දේකටම රජයේ සේවකයින්ට නිවාඩු. ඒ අයට අමුතුවෙන් නිවාඩු දෙන්න දෙයක් නෑ.. 365 දවසේම පිනට පඩි අරන් ඉන්නේ..!
සර්ව රාත්‍රික පිරිත් සහ බෝධි පූජා තබන්නත් එදිනට අනිවාර්ය කරන්න.