(අංජුල මහික වීරරත්න)
තම අමාත්‍යංශයට පත්වූ රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනා සහ අනෙකුත් නිලධාරීන් සමඟ එකට එක්ව එක පවුලක් ලෙස වැඩ කිරීමට තමන් සූදානම් බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (13) පැවසීය.
එක පවුලක් ලෙස වැඩකරන විට කේලම් කියා එකිනෙකා කෙටවීමට කිසිවකුට අවස්ථාවක් නොලැබෙන බවද ඔහු සඳහන් කළේය.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ආයතන ප්‍රධානීන් සමඟ බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී අද (13) පැවැත්වූ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කීවේය.
එම අමාත්‍යංශය යටතේ ඇති ආයතන 21 හි ප්‍රධානීහු මෙම සාකච්ඡාවට සහභාගී වූහ. අලුතින් පත්වූ රාජ්‍ය අමාත්‍යවරුන්ට ආයතන ප්‍රධානීන් හඳුන්වාදීමේ අරමුණින් මෙම සාකච්ඡාව පැවැත්විණ.නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස තේනුක විදානගමගේ, අරුන්දික ප්‍රනාන්දු මහත්වරු පත් වූහ.
"බෙදිල වැඩ කරන්න එපා. බොහෝ තැන්වල වෙන්නේ ලේකම්වරු ඇතුළු නිළධාරීන්, ඇමතිවරුන් බෙදිල වැඩ කරන එකයි. ආණ්ඩු කඩා වැටෙන්න ප්‍රධාන හේතුවක් ඒක . ඒ නිසා අපි කොටවන්න ලෑස්ති වෙන්න එපා. එහෙම ලේසියෙන් අපිව කොටවන්නත් බැහැ. අපි එක පවුලක් වගේ වැඩ කරල අනිත් අමාත්‍යංශවලට ආදර්ශයක් දෙමු"යනුවෙන් ද ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක පවුලක් ලෙස අපි හොරා කමු. මොකද ඒක ගෙදරින් ආපු දෙයක්..., නේද?
ආණ්ඩු කඩා වැටෙන්න හේතුව දේශපාලකයින් සහ නිලධාරීන් පවුල් පිටින් එකතුවෙලා කරන වංචාව, දූෂණය සහ නායකයන්ගේ මෝඩක, අහංකාරකම වැනි දේවල්...
ඔවු ඔවු ඔය අමාත්‍යංශයට පත්වෙලා ඉන්න තුන්දෙනාම හොරතක්කඩි නිසා තව එවගෙම හොර තක්කඩි නිලදාරි ටිකකුත් දාගෙන එකතු වෙලා කාගෙන යන්න
සරීරයේ තරමට මොලේ වැඩිලා නැති කෙනෙක්.තමුන් ගෙ වැඩ ,කෙරුවාවල් ගැන දන්නෝ හොදාකාරවම දනිති .
මහා පරිමාණ හොරකම්, වන්චා, දූෂණ කරන, කොමිස් ගහන, කප්පම් ගන්න දූෂිත දේශපාලුවන්, නිලධාරින් ඉන්න කොට ආණ්ඩු කඩාවැටෙන එක කියන්න දෙයක්ද?
ඉඩම් නඩුවෙන් නිදහස්ද? රනිල් රාජපක්ෂ සහ සෙට් එක ඉන්නකන් රටට කිසිම සෙතක් නැහැ.
ආපහු කප්පම් වැඩේ පටන් ගන්න වගේ යන්නේ..!
කයිවාරු තමයි. 69 ලක්ෂයේ ජනවරම ලැබූ, තුනෙන් දෙකක බලයත් තිබූ, විසිවැනි ව්‍යවස්ථාවත් සම්මත කරගත්තු, අගමැති ඇතුළු පවුලේ හතර දෙනක්ව ඇමැති මණ්ඩලයේ තියාගෙන හිටපු ඔයාලගේ හිටපු ජනාධිපති බයවෙලා රටින් පැනලා යනකොට ඔයා කොහෙද හිටියේ? අඩු තරමින් ඔහුව ආරාක්ෂා කරගන්නත් බැරි වුණානේ... ඉතින් මෙයා කියන්නේ කොටවන්න බැහැ කියලා...
රට කඩා වැටෙන්න හේතුව මෙ වගෙ මොලයක් නැති මොට්ට මැටි මොල්ලු 90% මැති ඇමතිල ලෙස ආන්ඩුවල සිටීම.
රට කඩන් වැටුණාට නුඹලා වැටුණේ නැහැ. රට ගොඩගන්න මොලේ නැහැ. එකතුවෙලා. හොරා කන්න. ඒවාට නම් කැප්ටන්ලා. මුලු රටක්ම කෙටෙව්වේ බයියා බව අමතකද? පසුගිය කාලේ කොයිතරම් ජනතාව කොටවලා උසි ගැන්නුවාද? ඒවල සාපෙ උන්දැට ටිකයි තවම ලැබුනේ.. බංකරේ ඉන්න ඉතුරු ටික පසුවට. ඔබලා හරියට බුදුදහමට ලැදියි. මිනිසුන්ගෙන් බැණුම් අහගෙන. මගඩි වැඩ කරගෙන. 250 කලකිරිලා මහණ වෙන්න හිතෙන්නේ නැතිද? සාමාන්‍ය වැසියන් පොඩි දේටත්... කෝච්චියට බෙල්ල තියනවා. නමුත් ඔබලා කරන හොර තක්කඩි වැඩ.. ඒ ගැන හිතලා කලකිරෙන්නේ නැත්ද?
මෙයා තමයි මේ වනවිට මහජනතාව අතර වඩාත් පිළිකුලට භාජනය වී ඇති එක්කෙනා....
මේ වගේ පිළිකුල් සහගත අපරාධකරුවන් පාර්ලිමේන්තුවට යවපු බයියන් තමයි මේ රට කඩාවට්ටන්න පාර කැපුවේ...