(ජේ.කේ.එල්. චාමින්ද)
ආහාර කොමසාරිස් දේපාර්තමේන්තුව රාජ්‍ය හා පුද්ගලික ආයතන සදහා බදුපදනම යටතේ ලබාදුන් ගබඩා 66ක් සදහා හිග කුලිය වශයෙන් රුපියල් දසකෝටි අනුහතරලක්ෂ හැත්තැහයදහස් තිස්නමයක මුදලක් (109,476,039) අයවිමට ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.
ඉකුත් වර්ෂයේ (2021) දෙසැම්බර් මස 31 දින වනවිට මෙකි හිග බදුකුලි ආදායම අයවිමට ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ.
ආහාර කොමසාරිස් දේපාර්තමෙන්තුව සතු ගබඩා 66ක් රාජ්‍ය හා පුද්ගලික ආයතනවලට කුලි පදනම මත ලබා දි තිබුණි. එහි හිඟ කුලිය මාස තුන ඉක්මවු ගබඩා 16ක් වෙනුවෙන් අයවිය යුතු මුදල රුපියල් 36,647,433කි.
විගණනයට ලබාදුන් තොරතුරුවලට අනුව රාජ්‍ය ආයතන 12ක් ගොඩනැගිලි 123ක් පසුගිය කාලයේ දි බාහිර පාර්ශවයන් වෙත බදු පදනම මත ලබාදි තිබුණි. මින් රාජ්‍ය ආයතන 10ක් ගොඩනැගිලි 87ක් බාහිර පාර්ශවයන් වෙත බදු පදනම මත ලබාදි තිබුනද අදාළ බදුකුලිය රජයේ තක්සේරු දේපාර්තමේන්තුව මගින් තක්සේරුකොට නොමැති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
රාජ්‍ය ආයතන 08ක් ගොඩනැගිලි 85ක් පෞද්ගලික පාර්ශවයන් වෙත බදු පදනම මත ලබාදි ඇති අතර ඉන් සියයට 95ක් අදාල බදුකුලි වටිනාකම තක්සේරු කර නොමැති බවද ජාතික විගණන කාර්යාලය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජපක්ෂලා මුලුමහත් ජනතාවටම හොම්බෙන් යන්ඩ වැඩ සිද්ද කරපු එකේ ඕවා මොනවද ?
තක්සේරු කරන්නේ බදු දෙන්නේ පෙරද? පසුද? තක්සේරු නොකර බදු ඔප්පු සැකසුවේ කෙසේද? පිටිපස්සේ ඉන්න දේශපාලුවන්ගෙන් ඔය මුදල අයකරගන්න...