(සුජිත් හේවාජුලිගේ )
ජාතික ජලසම්පත් හා ජලාපවාහන මණ්ඩලයේ සහකාර සාමාන්‍යාධිකාරි (අයකිරීම්) ඒකනායක වීරසිංහ මහතාගේ නිල රථයෙන් සහ පොලිස් ප්‍රධානියකුගේ මෝටර් රථයෙන් කිසියම් සංවිධානාත්මක පිරිසක් ඊ ෙය් (12) රාත්‍රී ඒවායේ බට කපා ඉන්ධන සොරකම් කිරීමේ සිද්ධින් දෙකක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ අරඹා ඇත.
මෙම සොරකම් සිදුවී ඇත්තේ එම මෝටර් රථ දෙහිවල අත්තිඩිය ප්‍රදේශයේ සිය නිවෙස්වල ( නිවාස යෝජනා ක්‍රමයක) නතර කර තිබියදීය.
සහකාර සාමාන්‍යාධිකාරී වීරසිංහ ඒකනායක මහතාගේ නිවෙසට ඊ ෙය් රාත්‍රී කාලයේ ඇතුළුවූ කිසියම් පිරිසක් එම මෝටර් රථයේ බට කපා එහි ඉන්ධන ටැංකියේ තිබූ ඉන්ධන ලීටර් 25 ක් සොරකම් කර ඇතැයි ඔහු දෙහිවල පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන්වේ.
මේ අතර නිවෙස් සහ මහාමාර්ගවල නතර කර තැබෙන මෝටර් රථ ඇතුළු වාහනවලින් ඉන්ධන සොරකම් කිරීමේ සිද්ධීන් වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
විවිධ ස්ථානවල හුදෙකලාව නතර කර තැබෙන වාහන සම්බන්ධයෙන් දැඩි පරීක්ෂාවෙන් පසු වන ලෙස පොලීසිය සියලුම රථවාහන හිමිකරුවන්ගෙන් සහ රියදුරන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.
වාහනවලින් ඉන්ධන සොරකම් කිරීමේ සිද්ධීන් දහසකට වැඩි ප්‍රමාණයක් පසුගිය කාලයේදී වාර්තාවූ බව පවසන පොලිසිය මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පිරිස් මේ සඳහා වැඩි වශයෙන් සම්බන්ධව සිටින බවට තොරතුරු අනාවරණයවී ඇතැයිද ප්‍රකාශ කළේය.
මේ සිද්ධීන් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති පොලීසිය එම නිවෙස් අසල සීසීටීවී කැමරා දර් ශන පරීක්ෂා කරමින් සැකකරුවන් හඳුනාගැනිමට කටයුතු කරමින් සිටීයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්ධනවලින් සොරකම් කරන මහා පරිමාණ සොරුන් අල්ලන්නේ නැතිඑකේ සුළු පරිමාණ සොරුන් හරි අල්ලන එක හොඳයි කියලා හිත හදාගනිමු...
නිලරථයක් කියන්නේ ජනතා දේපළක්.. නිලරථයේ තියෙන ඉන්ධනත් ජනතා දේපළක්. ජනතාව ඒ ඉන්ධන ලබාගෙන නම් වරදක් නැහැනේ...!
ලොක්කෝ කියන සොක්කෝ තමයි රටේ කරන තරමක් හොරකම් කරන්නේ... ඉතින් කොහොමද හොරෙක් අල්ලන්නේ... හිටිය අයත් හොරු.., ඉන්නෙත් හොරු. එන්න දඟලන්නෙත් හොරුන්මයි...!