(මනෝ ප්‍රිය ගුණසේකර)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට සූදානම් වූයේ යැයි චෝදනා කරමින්  හිටපු පොලිස් අධිකාරී ලක්ෂ්මන් කුරේ ඇතුළු විත්තිකරුවන් හතර දෙනකුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ  පවරා ඇති නඩුවේ අධිචෝදනා පත්‍ර කොළඹ මහාධිකරණ විනිසුරු මහේන් වීරමන් මහතා ඉදිරියේදී අද (13) භාර දුන්නේ ය

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ 2009 පෙබරවාරි මස 01 වනදා සහ එම මස 14 වනදා අතර කාලසීමාව තුළ කුරුණෑගල දී එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වූ ජන රැළියකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ජනාධිපතිවරයා ඝාතනය කිරීමට සූදානම් වු බවට නීතිපතිවරයා විසින් පොලිස් අධිකාරිවරයා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නගා ඇත.

මීට පෙර අවස්ථාවක අධිකරණයෙ නිකුත් කළ සිතාසි වලට අනුව අධිකරණයේ පෙනී සිටි විත්තිකරුවන්ට  අධිචෝදනා පත්‍ර භාර දුන් විනිසුරුවරයා ඔවුන්ගේ ඇඟිලි සලකුණු ලබා ගෙන ඒ පිළිබඳ වාර්තාවක් කැඳ වීමට පොලිසියට නියම කළේය.

2009 පෙබරවාරි මස 01 වනදා සහ එම මස 14 වනදා අතර කාලයෙ කුරුණෑගල දී එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වූ ජන රැළියකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ජනාධිපතිවරයා ඝාතනය කිරීමට සැලසුම් කළ බව විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නගා ඇත.

විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායකයින් වසර 13 කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත්ත කොට සිටින්නේ යැයි පැවසූහ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ සංශෝධිත ප්‍රතිපාදනවලට අනුව තම සේවාදායකයින් ටඇප නියම කිරීමට මහාධිකරණයට බලය ඇතැයිද වසර 13 කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතවී සිටීම සුවිශේෂී කරුණක් සේ සලකා ඔවුන් ඇප මත මුදා හරින්නැයි දේ ඉල්ලා සිටි  නීතිඥවරු ඔවුන්ට ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියේය

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා විත්තියේ නීතිඥවරු කළ ඉල්ලීමට තරයේ විරුද්ධත්වය දැක්වීය.

දෙපාර්ශවයේ කරුණු සල්වයේ කරුණු සලකා බැලීමෙන් අනතුරුව විත්තිකරුවන්ගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ඔක්තෝම්බර් 17 වැනිදාට කල් තැබූ විනිසුරුවරයා එදින මෙම නඩුව යළි කැඳවීමට නියම කළේය.