(නිමන්ති රණසිංහ)
සුළු නඩුවක් දමා අඩු දඩයකට යටත් කර දීම වෙනුවෙන් සැකකරුවකුගේ මවකගෙන් රුපියල් 60,000 ක අල්ලස් මුදලක් ඉල්ලා ඉන් අඩක් ලබාගත්තැයි අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් කඩවත පොලීසියේ සැරයන්වරයකු ලබන 26 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. එන්. ඉලංගසිංහ මහතා අද (13) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ අජිත් ප්‍රසාද් මුදිත පණ්ඩිතරත්න නමැති කඩවත පොලීසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරයන්වරයෙකි.
කඩවත නගරයේදී ත්‍රීරෝද රථයක කැබින් එකක් කැඩීමේ සිද්ධියකට අදාළව නගරවාසීන් විසින් අල්ලාගනු ලැබූ තරුණයකු පොලීසියට භාරදී ඇති බවත්, එම තරුණයාට අදාළ කාරණය මෙන්ම මත්කුඩු සම්බන්ධයෙන් නඩු නොදා සුළු නඩුවක් සහ අඩු දඩයකට යටත් කිරීම වෙනුවෙන් සැකකරුගේ මවගෙන් මෙම අල්ලස් මුදල ඉල්ලා ඇතැයි අල්ලස් කොමිසම අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරගලකාරයින්ට වඩා සැරයන්ලා හිරේ යනවනේ...!
මව් සෙනෙහස කොයිතරම් උසස්ද?