සුව සැරියට වසර හයයි සෞඛ්‍ය සේවාවේ දියුණුව වෙනුවෙන් රෝගී සත්කාර කටයුතු කඩිනම් කිරීමේ මෙහෙවරක නිරතවන 1990 සුවසැරිය ගිලන් රථ සේවයට වසර හයක් සපුරා ඇත. 29 July 2022
’’රනිල් වැඩ වරද්ද ගත්තා’’ අරගලයේ සිටි පිරිස ඉල්ලා සිටියේ බටලන්ද මොඩලයේ සිස්ටම් චේන්ජ් එකක් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසීය. 29 July 2022
අකිල ඉහල තනතුරකට එක්සත් ජාතික පක්ෂයේ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරකට පත් කර තිබෙි. 29 July 2022
ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂ ගාලුමුවදොර අරගලභූමියට යයි අරගලයට සම්බන්ධ වූවන් අත්අඩංගුවට ගැනීම වහා නවත්වන ලෙස හා අත්අඩංගුවට ගත් පිරිස් නිදහස් කරන ලෙස ඉල්ලා කිතුණු ආගමික පූජකවරුන් සහ සිවිල් සංවිධාන නියෝජිතයන් පිරිසක් ගාලුමුවදොර උද්ඝෝෂණ කලාපයේ පිහිටි අරගල භූමියට පැමිණ අද (29) පැමිණ විරෝධතාවක නිරත වූහ. 29 July 2022
කඳුළු වායු බෝම්බයක් විකුණන්න හැදූ අයෙක් අත්අඩංගුවට බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේදී පොලිස් නිලධාරීන්ට පහරදී පැහැරගත් කඳුළු වායු බෝම්බයක් රුපියල් 1000 ක මුදලකට විකිණීමට රැගෙන ආ අරක්කැමියෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය කියයි 29 July 2022
රටේ කොවිඩ් සියයට 10 කින් වැඩිවෙලා රටේ කොවිඩ් පැතිරීම සියයට 10 කින් පමණ වැඩිවී ඇති හෙයින් ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසියාකාරව පිළිපදිමින් ප්‍රවේශම් විය යුතු බව කොවිඩ් සම්බන්ධීකාරක සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා ලංකාදීපයට පැවැසීය. 29 July 2022
ලංකාවට නව මූල්‍ය පහසුකම් දෙන්නේ නෑ - ලෝක බැංකුව ශ්‍රී ලංකාවේ ප්‍රමාණවත් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වන තුරු නව මූල්‍ය පහසුකම් ශ්‍රී ලංකාවට ලබා නොදෙන බව ලෝක බැංකුව ඊයේ (28) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 29 July 2022
ඉන්ධන ජාවාරම් කරන පෞද්ගලික බස්වලට වැඩ වරදී ලංකා ගමනා ගමන මණ්ඩලයෙන් (ලංගම) ඉන්ධන ලබාගෙන පොදු ප්‍රවාහන සේවයේ ධාවනය නොකරන පෞද්ගලික බස් රථවල ධාවන බලපත් අවලංගු කරන ලෙස උපදෙස් දුන් බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 29 July 2022
කොළඹ ප්‍රදේශ හතරකට හෙට පැය 11ක් ජලය නෑ හදිසි අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ හතරකට හෙට (30) සෙනසුරාදා රාත්‍රී 9.00 සිට අනිද්දා (31) ඉරිදා පෙරවරු 8.00 දක්වා පැය 11 ක කාලයක් ජලය සැපයීම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජල පවහන මණ්ඩලය පවසයි. 29 July 2022
පා පැදියට වෙනම මංතීරු මේ දිනවල පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් කොළඹ නගරය ඇතුළු නගරවල පා පැදි භාවිතය ඉහළ ගොස් ඇති අතර, ඒ හේතුවෙන් කොළඹ නගරයේ මාර්ගවල පා පැදිකරුවන් වෙනුවෙන් වෙනම මංතීරු ඇතිකිරීමට කොළඹ මහනගර සභාව පියවර ගෙන ඇත. 29 July 2022
මුදල්ගෙන ටිකට් නොදුන් ලංගම කොන්දොස්තරවරු 3කට වැඩවරදී මගීන්ගෙන් මුදල් ලබාගෙන ප්‍රවේශපත් නිකුත් නොකළ ලංකා ගමනා ගමන මණ්ඩලයේ (ලංගම) කොන්දොස්තර මහත්වරු තිදෙනකුගේ සේවය අත්හිටුවීමට නියමිත බව ලංකා ගමනා ගමන මණ්ඩලයේ උසස් නිලධාරියකු පැවසීය. 29 July 2022
ජනපති ධජය ඇඳ ඇතිරිල්ලට ගත් වෘත්තිය සමිති නායකයා බාර වෙයි ජනාධිපති මන්දිරයට ඉකුත් 9 වැනි දින අයුතු ලෙස ඇතුළු වී ජනාධිපති නිල ධජය රැගෙන ගොස් එය ඇඳ ඇතිරිල්ලකට භාවිතා කළ ප්‍රබල දේශපාලන පක්ෂයක වෘත්තීය සමිති නායකයකු බව කියන පුද්ගලයා පොලිසියට බාර වීමෙන් පසු අත්අඩංගුවට ගත් බව වෙල්ලවිදිය පොලිසිය කියයි. 29 July 2022
කිව්.ආර්. කේතය හරහා ලක්ෂ 5ක් ඉන්ධන අරගෙන ජාතික ඉන්ධන බලපත්‍රය හරහා පසුගිය 21 වැනිදා සිට ඊයේ (28) රාත්‍රී දක්වා රථ වාහන 536,055 ක් ඉන්ධන ලබාගෙන ඇති බවත් ඉන්ධන පිරවුම්හල් 536 කින් කිව්.ආර්. කේතය අනුව ඊයේ දිනයේ පමණක් 187,005ක් ඉන්ධන ලබාගෙන ඇති බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 29 July 2022
ඔමික්‍රෝන් උප ප්‍රභේදය හෘද සෛලවලට හානි කරනවා කොවිඩ් 19 ඔමික්‍රෝන් විකෘතියේ, උප ප්‍රභේදයක් ලෙස හඳුනාගෙන ඇති ‘බී.ඒ.5’ විකෘතිය වේගයෙන් බෝ වන බිහිසුණු විකෘතියක් බවත්, ‘බී.ඒ.5’ හෘද සෛලවලට හානි සිදු කරන බවත් පෘතුගාල වෛද්‍ය පර්යේෂකයෝ කියති. 29 July 2022
තෙල් දෙන්න අල්ලස් ගත්තැයි මඩකලපුව ලංගම කළමනාකරු අල්ලයි පෞද්ගලික බස් රථ හිමියන්ට ඉන්ධන ලබා දීම සඳහා රුපියල් 75,000 ක අල්ලසක් ගත් බව කියන මඩකලපුව ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ කළමනාකරු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ සවස අත්අඩංගුවට ගනු ලැබීය. 29 July 2022
පොලිසිය පෙරටුගාමී ප්‍රධාන කාර්යාලය සෝදිසි කරයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නුගේගොඩ පිහිටි ප්‍රධාන කාර්යාලය පොලිස් කණ්ඩායම් දෙකක් අද (29) පෙරවරුවේ පරීක්ෂා කළ බවත් දෙවැනි පොලිස් කණ්ඩායම අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුකරු වසන්ත මුදලිගේ සම්බන්ධයෙන් නිකුත් කළ වරෙන්තුවක් පෙන්නූ බවත් එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව මහතා පැවසීය. 29 July 2022
ප්‍රා.සභා ටිපරයෙන් ඩීසල් ඇද්ද ලේකම්ට මාරුවක් අනුරාධපුර නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය සභාවට අයත් ටිපර් රථයකින් රාත්‍රි කාලයේ ඉතා සූක්ෂම ආකාරයෙන් ඩීසල් සොරා ගත් බවට චෝදනා ලැබ සිටින එම ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා වාහාම ක්‍රියාත්මක වන පරිදි උතුරු මැද පළාත් පාලන දෙපාර්තමේන්තුවට මාරු කළ බව උතුරු මැද පළාත් පාලන කොමසාරිස් සහ උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම් රෝයි නිශාන්ත මහතා පවසයි. 29 July 2022
අගමැති මැදුරෙන් රූපවාහිනි ඉස්සූ සුපවේදියා මාට්ටු අරගලයේ මුවාවෙන් අරලියගහ මන්දිරයට ඇතුළු වී එහි දේපළවලට අලාභහානි සිදු කොට අගල් 54 ස්මාර්ට් වර්ගයේ රූපවාහිනී යන්ත්‍ර දෙකක් සොරාගෙන ගිය සූපවේදියකු (28) දා අත්අඩංගුවට ගත් බව කිරුළපන පොලිසිය පවසයි. 29 July 2022
උඩරට මහා මංගල්‍යයට මුල පුරයි උඩරට ඇසළ පෙරහර මංගල්‍යයේ ආරම්භය සනිටුහන් කරමින් සිව්මහා දේවාලයන්හි කප් සිටවීම අද (29) අළුයම 03.03 ට යොදුන සුභ මුහුර්තියෙන් සිදුවිය . 29 July 2022
දිනකට ලක්ෂයක් බඩ ගින්නේ මෙරට පවුල් ලක්ෂයක් දිනපතා ආහාර ලබා ගැනීමට නොහැකිව කුසගින්නේ සිටින බව ආහාර සුරක්ෂිතා කමිටුවේ සභාපති ආචාර්ය සුරේන් බටගොඩ මහතා පවසයි. 29 July 2022
කිරි,බිත්තර මස් නිෂ්පාදනය පහතට කිරි, බිත්තර සහ කුකුල්මස් නිෂ්පාදනය බරපතල ලෙස පහත වැටී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි. 29 July 2022
කිඹුලා ඇළේ ගුණාගේ ගෝලයෝ දෙකක් දැලේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන කිඹුලා ඇලේ ගුණාගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන පුද්ගලයන් දෙදෙනකු ජීව අත්බෝම්බයක්, කේරළ ගංජ සහ හෙරොයින් සමඟ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත. 29 July 2022
මත් ජාවාරම්කරුවෙක් ගමට වවුචර් බෙදලා සංවිධානාත්මක අපරාධ රැසකට සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයකුගේ ධන පරිත්‍යාගයෙන් රුපියල් පන්දහසක් වටිනා තෑගි වවුචර බෙදා හැර ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි. 29 July 2022
පළාත් හයකට සවස වැස්ස සබරගමුව, මධ්‍යම, උතුරුමැද, ඌව, දකුණු සහ වයඹ පළාත්වල අද (29) සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 29 July 2022
කොරෝනා රෝගීහු 131ක් කොරෝනා රෝගීන් 131ක් අද දිනයේ වාර්තා වී ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 28 July 2022
දේශපාලුවෝ දෙවන පෑ තිස් රජුගේ බුලංකුලමත් විකුණති දෙවැනි පෑතිස් රජතූමා ඉදිකල බුලංකුලම වැවේ වාන ප්‍රදේශීය දේශපාලකයන් තම හෙයියංචලාට විකූණා ඇතැයි මිහින්තලේ රජමහා විහාරාධිපති වලවා හැංගූනවැවෙි ධමිමරතන හිමියෝ චෝදනා කරති. 28 July 2022
පාර්ලිමේන්තුව වාර අවසන් කරයි පාර්ලිමේන්තුව (නවවෙනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය) අද (28) මධ්‍යම රාත්‍රියේ සිට වාර අවසාන කෙරෙයි. 28 July 2022
රුවන් විජයවර්ධන ජනාධිපති උපදේශක තනතුරකට එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක තනතුරට පත්කර තිබේ. 28 July 2022
වෑන් රියැදුරු ඇතුළු දෙදෙනකුට බණ්ඩාරගමදී කඩු පොලුවලින් පහරදීලා දෙනෝ දහසක් දෙනා බලා සිටියදී පුද්ගලයන් දෙදෙනකු අද (28) දහවල් බණ්ඩාරගම නගර මධ්‍යයේදී යකඩ පොලු වලින් වෑන් රථයක රියැදුරුට සහ ඊට යාබද අසුනේ සිටි පුද්ගලයකුට පහරදී පලා ගොස් ඇතැයි බණ්ඩාරගම පොලීසිය කියයි. 28 July 2022
ඇමැතිවරු දේශපාලන සූදුවේ: ලක්ෂ 45 ක් ජීවන සටනේ පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරු දේශපාලන සූදුවේ යෙදෙන අවස්ථාවේ ලක්ෂ හතළිස් පහක් ජීවනෝපාය ලබාගන්නා, කුඩා හා මධ්‍යපරිමාණ කර්මාන්තකරුවන් ද අසරණ ව සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී අද (28)පැවසීය. 28 July 2022
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026