(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා හිටපු සුපිරි පිතිකරු මහේල ජයවර්ධන මහතා එළඹෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ලෙස පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා මීට සුළු මොහොතකට පෙර පැවසීය.

මහේල ජයවර්ධන මීට පෙර ද ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ලෙස කටයුතු කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවේදී ශම්මි සිල්වා මහතා එසේ පැවසීය.

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන ඔක්තෝබර් මස 16 වැනිදා ඕස්ටේ්‍රලියාවේදී ආරම්භ වීමට නියමිතය.