
(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රියාවලිය දූෂිත සහ දුර්වල බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පැවසීය.
මැතිවරණ කොමිසම මේ ආකාරයට පැවසීම ආන්දෝලනාත්මක විය හැකිවුවත් එය කිව යුතු බවද ඔහු සඳහන් කළේය.
සභාපතිවරයා මෙසේ පැවසුවේ ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී දිනය වෙනුවෙන් සංවිධාන කෙරුණු වැඩසටහනකට සහභාගී වෙමිනි.
අද බොහෝ පක්ෂ වල තිබෙන්නේ තනි ආධිපත්‍යයක් බවත් ප්‍රධාන නායකයන්ගේ දෘෂ්ටිවාදයෙන් පිට ඒවායේ කටයුතු කළ නොහැකි බවත් සභාපතිවරයා කීවේය.
ඡන්ද අපේක්ෂකයන්ට අදාල ආචාරධර්ම නීතිගත කළ යුතු බව පැවසූ පුංචිහේවා මහතා එම ආචාරධර්ම ඔවුන්ගේ මුළු ධූර කාලයටම එකසේ බල පැවැත්විය යුතු බව ප්‍රකාශ කළේය.
(ඡායාරූප ශාන්ත රත්නායක)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැතිවරණ ක්‍රියාවලිය රාජපක්ෂකරණය වෙලා තිබුනේ? ඒ කාලේ කොම්පියුටර් ජිල්මාට් ගැනත් රාවයක් තිබුනා .
ඡන්ද අපේක්ෂකයන්ට අදාල ආචාරධර්ම නීතිගත කළ යුතු බව පැවසූ පුංචිහේවා මහතා එම ආචාරධර්ම ඔවුන්ගේ මුළු ධූර කාලයටම එකසේ බල පැවැත්විය යුතු බව මෙන්ම දේශපාලකයන්ගේ වත්කම් බැරකම් "සෑම වසරකම" මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත් කලයුතුවේ
මැතිවරණ පමණද දුෂිත? මිනිස්සු තමන් කැමති පක්ෂයකට ඡන්දය දෙනවා. ඒ චන්ද ගණන්කර දිනපු පක්ෂය ප්‍රකාශයට පත් කෙරෙනවා. ඔය ක්‍රීයා පටිපාටියේ දුෂණයක් අපි දකින්නේ නැහැ. අපි එක එකාගේ චන්ද රැස්වීම් වලට යන්නේ නැහැ. අවුරුදු 5 අත්විඳින අත් දැකීම් හොඳටම ප්‍රමාණවත් ඡන්දය සම්බන්දව තීන්දු තීරණ ගැනීමට.