(ෂේන් සෙනෙවිරත්න)
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නවකවදයට පක්ෂ හා විරුද්ධව සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් එම විශ්ව විද්‍යාලයේ නීති දෙපාර්තමේන්තුවේ දෙවන හා තෙවන වසර වල සිසුවියන් දෙදෙනකු සහ සිසුන් දෙදෙනකු තුවාල ලබා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති බව පොලීසිය කියයි .
විශ්ව විද්‍යාලයේ ආපන ශාලාව අසලදී ඊයේ (14) සවස මෙම ගැටුම සිදුව ඇති අතර අදාළ සිසුන්ට පහරදීම සඳහා 30 දෙනකුගෙන් පමණ සමන්විත සිසුන් කණ්ඩායමක් පැමිණ ඇති බව වාර්තා වෙයි.
පහරදුන් බව කියන සිසුන් පහරකෑමට ලක්වූ සිසුන් විසින් හඳුනාගෙන ඉන් කිහිප දෙනකු පිළිබඳව තොරතුරු විශ්ව විද්‍යාල පාලන අධිකාරියට ලබා දී ඇති බවද සඳහන්ය .
එසේ පහර පහරදීමට පැමිණ ඇත්තේ නවක වදයට පක්ෂ සිසුන් කණ්ඩායමක් බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ .
පේරාදෙණිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙන අතර විශ්ව විද්‍යාල පාලන අධිකාරිය මගින්ද වෙනම විමර්ශනයක් ආරම්භ කොට තිබේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයේ කොහේවත් නැති... ලංකාවේ පමණක් ඇති වදය... හීනමානයින්ගේ නවක වදයයි.
දැන්දැන් නවක වදය කියන්නේ ඊර්ෂ්‍යාව සහ ජඩකම මුල්කොට ගත් කායික, මානසික සහ ලිංගික අතවර කිරීම්... සංවරව හැදුණු දරුවන් උසස් පෙළ ප්‍රතිඵල අතේ තියාගෙන විශ්ව විද්‍යාලවලට යන්න ප්‍රතික්ෂේප කරනවා. මේ මානසික රෝගි තත්වය අදට වඩා හෙට හොඳවෙයි කියලා කොහෙත්ම හිතන්න බෑ. ලෝකය දිගින් දගටම පිරිහෙනවා. ඒකයි ධර්මතාවය
අන්තරේ සහ ජවිපයේ අයගේ වැඩ...!
අං පමණක් නැති හරක්..!
ජනතාවගේ බදුමුදල්වලින් ඉගෙන ගන්න අය... මොවුන්ට රට හදන්න දුන්නොත් ගෝල්ෆේස් එක හදන්න.
වැඩේ සිම්පල්... දෙමාපියනි, ඔබලා වැඩේ අතට ගනිල්ලා. මගේ දරුවෙකුට කළා නම් ඔවූන් වදපු දෙමව්පියෝත් වන්දි ගෙවාවි. මේ දරිද්‍රතාවයෙන් පෙලෙන හිඟන කොල්ලන්නේ හැසිරීම...