’’මාසයක් හරි නවතින්න බලාගෙන 9වෙනිදා කොළඹට එන්න’’ රටේ ජනතාව සියලු දෙනා එකතු වී කොළඹ මාසයක් හෝ නැවතී මේ ප්රශ්නය විසඳාගත යුතු බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය. 30 July 2022
විශේෂඥ පුහුණුවට එතෙර යැවීම නතර වෙයි විශේෂඥ වෛද්‍ය පුහුණුව සඳහා වෛද්‍ය නිලධාරීන් විදෙස් රටවලට යැවීම තාවකාලිකව නතර කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත. 30 July 2022
ජුලී චන්ග්-අලි සබ්රි අතර හමුවක් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය සහ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා අතර හමුවක් ඊයේ(29) විදේශ කටයුතු අමාත්‍යංශයේදී පැවැත්විණ. 30 July 2022
මන්ත්‍රීවරු තෙල් මුදල වැඩි කරගනිති සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන දීමනාව හදිසියේම ලක්ෂ දෙකකට ආසන්න මුදලකින් වැඩි කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. 30 July 2022
ජනපති පාර්ලිමේන්තු අසුනේ ලාංඡනය ගැලවෙයි පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයාට වෙන් කෙරුණු ආසනයෙන් ජනපති ලාංඡනය පළමු වතාවට ඉවත් කෙරෙන බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ලංකාදීපයට පැවැසීය. 30 July 2022
පස් පොඩ්ඩා සමග වෙඩි කෑ තවත් අයෙක් මරුට ගම්පහ මහාධිකරණය ඉදිරිපිටදී ඉකුත් 27 වෙනි දින සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියේදී තුවාල ලබා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි ප්‍රතිකාර ලබමින් සිටි තවත් අයෙකු අද අලුයම ජීවිතක්ෂයට පත්වූ බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය. 30 July 2022
රට තැපල් ගාස්තු වැඩිවෙයි විදේශීය තැපැල් ගාස්තු ලබන මස 1 වෙනිදා සිට වැඩි කර ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. 30 July 2022
පළාත් රැසකට සවස ගිගුරුම් සහිත වැසි දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (30) සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 30 July 2022
අප්‍රිකාවෙන් පිට පළමු වඳුරු උණ මරණ වාර්තා වෙයි අප්‍රිකාවෙන් පිට පළමු ’වඳුරු උණ’ මරණ වාර්තා වීමට පටන්ගෙන ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. මෙම මරණ වාර්තා වන්නේ ස්පාඤ්ඤයෙන් සහ බ්‍රසීලයෙනි. 30 July 2022
සුද්දො බාගෙට බාගයකට ලංකාව එපා වෙලා විදේශීය සංචාරකයන් මෙරටට පැමිණීමට පෙර කළ හෝටල් වෙන් කිරීම්වලින් සියයට 45 ක් පමණ අරගල හේතුවෙන් හදිසියේම අවලංගු කරගෙන ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනී ධම්මිකා විජේසිංහ මහත්මිය ලංකාදීපයට පැවසුවාය. 29 July 2022
ගාලුමුවදොර වෙරළට නාඳුනන මළ සිරුරක් කොළඹ ගාලුමුවදොර වෙරළ තීරයට නාදුනන මළ සිරුරක් අද (29) පස්වරුවේ ගොඩගසා ඇත. 29 July 2022
මන්ත්‍රී අමරකීර්ති ඝාතනයට තවත් 8 ක් සොයයි පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂක පොලිස් සැරයන්වරයකු ඇතුළු පුද්ගලයන් තිදෙනකු නිට්ටඹුව නගරයේදී පසුගිය මැයි මස 9 වැනිදා ඝාතනය කිරීමේ සිද්ධියේ සී.සී.ටී.වී. දර්ශන ඔස්සේ හදුනාගත් තවත් පුද්ගලයන් 8 ක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි. 29 July 2022
මැතිසබා කමිටු හැටක් අහෝසියි කමිටු කිහිපයක් හැරෙන්නට පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මකවූ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප්) සහ රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝපා ) ඇතුළු කාරක සභා හැටකට ආසන්න සංඛ්‍යාවක් මැතිසබය වාර අවසාන කිරීමත් සමග මුළුමනින්ම අහෝසිවී ගියේය. 29 July 2022
සර්ව පාක්ෂික ආණ්ඩුවකට එක්වෙන්න සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් එක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලිඛිත ආරාධනයක් කර තිබෙි. 29 July 2022
ඉන්දීය යුරියා පොහොර වලින් 90%ක් බෙදා අවසන් ඉන්දීය රජය දුන් යුරියා පොහොර වලින් සියයට 90ක් බෙදා අවසන් කරන බව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පවසයි. 29 July 2022
ලිට්රෝ ගෑස් පෝලිම් අවසන් ලිට්රෝ සමාගම මෙම මස (ජූලි) තුළ ගෑස් මෙට්‍රික්ටොන් 33,000 ක් ගෑස් සිලින්ඩර ලෙස බෙදාහැරීමෙන් ගෑස් පෝලිම් අවසන් කර ඇති බවත් දිනකට සිලින්ඩර ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් බෙදාහරිමින් සිටින බවත් ලිට්රෝ ගෑස් සමාගමේ මාධ්‍ය ප්‍රකාශක වී. කේතේෂ්වරම් මහතා අද (29) පස්වරුවේ පැවසීය. 29 July 2022
කොවිඩ් මරණ තවත් 5ක් ‘කොවිඩ්’ ආසාදිතවූ පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය. 29 July 2022
කොළඹ පෙර පාසල් දරුවන්ට පෝෂ්‍යදායී ආහාර වේලක් කොළඹ නාගරික බල ප්‍රදේශයේ පෙර පාසල් සහ දිවා සුරකුම් මධ්‍යස්ථානවල දරුවන්ට පෝෂ්‍යදායී දිවා ආහාර වේලක් ලබා දීමේ වැඩසටහනක් අද ආරම්භ කෙරිණි. 29 July 2022
කොරෝනා යළිත් හිස ඔසවයි ‘කොවිඩ්’ ආසාදිත රෝගීන් 143 දෙනකු අද (29) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 29 July 2022
ලංගම බස් 800කට ආයෙත් පණ දෙයි ලංකා ගමනා ගමන මණ්ඩලයේ (ලංගම) ඩිපෝ 105 කින් අමතර බස් රථ 800 ක් ලබන අගෝස්තු මස 1 වැනිදා සිට ධාවනයට යොදවන බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 29 July 2022
වාර්තාගත ලෙස උද්ධමනය ඉහළට ජූලි මාසයේ මෙරට උද්ධමනය සියයට 60.8ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 29 July 2022
අයි.එම්.එෆ් සාකච්ඡා සාර්ථකයි රටේ පවතින ආර්ථික අසීරුතාව සමනය කර යහපත් ආර්ථික පිළිවෙතක් රට තුළ ස්ථාපනය කිරීම සඳහා රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමේ අරමුණින් සිදු කරන සාකච්ඡා ඉහළ ප්‍රගතියක් අත්කරගෙන ඇති බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි. 29 July 2022
‘ලිබරල් සහෝදරත්වය’ අරගලයෙන් ඉවත් වෙයි ගාලුමුවදොර අරගලය ආරම්භ වීමටත් පෙර සිටම අරගලය වෙනුවෙන් අඩිතාලය දැමූ ‘ලිබරල් සහෝදරත්වය’ සංවිධානය අරගල භූමියෙන් ඉවත් වන බව එම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 29 July 2022
අගෝස්තු 1 සිට පොදු පාසල් බස් රථ සේවාවක් පවතින ඉන්ධන අර්බුදය සැලකිල්ලට ගනිමින් පාසල් ළමුන් ප්‍රවාහනය සඳහා නව බස් රථ සේවාවක් අගෝස්තු පළවන දා සිට හඳුන්වාදෙන බව ජාතික ගමනාගමන කොමිසම සඳහන් කරයි. 29 July 2022
ජනපති මැදුරෙන් හමුවූ සල්ලි අධිකරණයට භාරදෙයි ජනාධිපති මන්දිරයේ තිබියදී අරගලකරුවන් පොලිසියට භාර දුන් රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂයක මුදල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකක විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (29) භාරදෙනු ලැබීය. 29 July 2022
පාර්ලිමේන්තු මහලේකම්ගෙන් සියලු මන්ත්‍රීවරුන්ට ලිපියක් නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය ජනාධිපතිවරයා විසින් 2022 අගෝස්තු මස 03 වැනිදා පෙරවරු 10.30ට උත්සවාකාරයෙන් විවෘත කිරිමට නියමිත බැවින් එම අවස්ථාවට සහභාගි වන ලෙස පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා සියලු මන්ත්‍රීවරුන්ට ලිපියක් යවමින් දැනුම් දී ඇත. 29 July 2022
ලංකාවට එන යුවාන් වැන්ග් 5 ගැන ඉන්දියාව අවධානයෙන් අභ්‍යවකාශ සහ චන්ද්‍රිකා නිරීක්ෂණ කටයුතුවල නිරත චීන පර්යේෂණ නෞකාවක් වන යුවාන් වැන්ග් 5 ලබන අගෝස්තු 11 දින ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරායට ළඟා වීමට නියමිත බව දත්ත වාර්තා උපුටා දක්වමින් ඉන්දීය රජය ප්‍රකාශ කළේය. 29 July 2022
හදිසි නීතියට විරුද්ධ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන්ට විවාදයේ අදහස් දක්වන්න ඉඩදුන්නේ නෑ හදිසි නීතියට විරුද්ධව ඡන්දය දුන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට ඒ සම්බන්ධයෙන් පැවති පාර්ලිමේන්තු විවාදයේ දී අදහස් දැක්වීමට අවස්ථාවක් නොදුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවසීය. 29 July 2022
කෝටි 3ක මත්පෙති මධ්‍යම තැපැල් හුවමාරුවෙන් අල්ලයි නෙදර්ලන්තයේ සිට තැපැල් මගින් එවූ රුපියල් කෝටි තුනකට ආසන්න වටිනාකමින් යුත් ‘මෙතෆෙටමින්’ නැමැති මත්ද්‍රව්‍ය පෙති 2973 ක් ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම තැපැල් හුවමාරු අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්යක්ෂ සුදත්ත සිල්වා මහතා පැවසීය. 29 July 2022
පැතුම් කර්නර් 4තෙක් රිමාන්ඩ් පාර්ලිමේන්තුව අසළ පොල්දූව වටරවුමේ පැවති විරෝධතා ව්‍යාපාරයක දී ගැටුම්කාරී තත්ත්වයක් මෙහෙය වූ බවට කොළඹ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගත් වෛද්‍ය පැතුම් කර්නර් මහතා ලබන 4 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුනාවල මහතා අද (29) නියෝග කළේය . 29 July 2022
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026