
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා තුළ සපත්තුවල මිල අධික ලෙස ඉහළ යෑමත් සමග සපත්තු ද ගෙවීමේ ක්‍රමයට අළෙවි කිරීමට සපත්තු නිෂ්පාදන සමාගම් ඉදිරිපත්ව සිටින අතර රුපියල් 7,000 කට වැඩි මිලක් වන සපත්තු මෙසේ ගෙවීමේ ක්‍රමයට අළෙවි කරයි.
රුපියල් 7,000 ක් පමණ වන සපත්තු කූට්ටමක් වාරික තුනකින් ගෙවීමට ලැබෙන බවට ඇතැම් සපත්තු නිෂ්පාදන සමාගම් අන්තර්ජාලයේ දැන්වීම් පළකර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සපත්තු කොහොමත් ගෙවෙනවා තමයි. නොගෙවෙන ඒවා කොහේද තියෙන්නේ...?
මම ළඟදී විවාහ වෙන්නයි ඉන්නේ... මේ යන විදිහට මාමණ්ඩි දෑවැද්දත් ගෙවීමේ ක්‍රමයට දෙයිද දන්නේ නැහැ.
හෙට අනිද්දාට හාල් කිලෝ 5 ක් විතර වාරික 3කට විතර ගෙවන්න ගනිමු.
මේක තමයි බයියන් බලාපොරොත්තු වූ ආශ්චර්යය...!
මේකත් හොඳයි කියන වසලයෝ ඉන්න රටක් මේක.
සපත්තු වලට මිල අඩු කරන්න. හොඳ සපත්තු දෙකක් ගන්න අපිත් හීන දකිනවා.
මාර කතාවක්නේ කොහොමත් සපත්තු ගෙවෙනවා. මීට කලින් ගෙවෙන්නේ නැති සපත්තු දුන්නාද? කෝකටත් කියලා මම සිංගප්පූරු ගිය වෙලාවේ ජෝඩු 3ක් ගෙනාවා. දැන් මිල නහුතෙට නැග්ගත් මට කමක් නැහැ...