(අංජුල මහික වීරරත්න)
මහ කන්නයේ දී කාබනික පොහොර භාවිතා කරන වී ගොවීන්ට හෙක්ටෙයාර් එකකට රුපියල් 20,000ක පොහොර සහනාධාරයක් ලබා දීමට මුදල් කමිටුවේ අනුමැතිය හිමි වී තිබේ.
මහ කන්නයේ වී වගාවේ දී කාබනික පොහොර භාවිතා කිරීම දිරිමත් කිරීම සඳහා කාබනික පොහොර භාවිතා කරන වී ගොවීන්ට රුපියල් 20,000ක සහනාධාරයක් ලබා දීම සඳහා වන යෝජනාව කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා මුදල් කමිටුවට ඉදිරිපත් කළේය.
මෙම සහනාධාරය සඳහා රජය විසින් වෙන් කිරීමට නියමිත මුදල රුපියල් මිලියන 16,000කි.
රසායනික පොහොර භාවීතා කරන වී ගොවීන්ට මෙම කන්නයේ දී ද රුපියල් 10,000ක මුදලකට කිලෝග්‍රෑම් 50ක බරින් යුත් යුරියා පොහොර මිටියක් අක්කරයක් සඳහා නිකුත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුමැතිය ලබා දුන් බව ද කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.
එළඹෙන 2022/23 මහ කන්නයේ දී සියයට 30ක් කාබනික පොහොර හා සියයට 70ක් රසායනික පොහොර යොදා වී වගා කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කකියන්නේ ගොවීන්ට නොමිලේ පොහොර දෙනවා කියල චන්ද කාලේ දීපු පොරුන්දුවට අමතරවද මෙම සහනාධාර දෙන්නේ?
වී මෝල් කාරයින්ට විසිදාහක පොහොර සහනාධාර කියලා වෙනස් කරමු. මොකද සහනාධාරේ වාසිය ගන්නේ මෝල් කාරයින්...!