(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

රටේ දරුවන් සම්බන්ධ ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා පිහිටුවා ඇති ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදය ලබන 21 වැනිදා රැස්වීමට නියමිතය

දරුවන්ගේ යහපැවැත්ම උදෙසා ප්‍රතිපත්ති වෙනස් කිරීම් හෝ නව ප්‍රතිපත්ති හඳුන්වාදීම සහ සියලුම දරුවන්ගේ යහපැවැත්මට අදාළ ප්‍රතිපත්ති නිතිපතා සමාලෝචනය කිරීම සහ සංශෝධනය කිරීම, ළමුන් සඳහා වැඩ කරන විවිධ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ නියෝජිතායතන සමඟ සම්බන්ධීකරණය කිරීම මෙන්ම දරුවන් මුහුණ දෙන ගැටලු පිළිබඳව රාජ්‍ය ආයතනවල සහ මහජනතාවගේ වැඩි අවධානයක් යොමු කරවීමද  මෙම සංසදයේ මූලික අරමුණු වේ.