(සුජිත් හේවාජුලිගේ )

නව රාජ්‍ය අමාත්‍යවරුන් තිස් හත් දෙනා පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය රජය විසින් නිකුත් කරනු ලැබ ඇත.

මෙම  ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ ජනාධිපති ලේකම් සමන් ඒකකායක  මහතාගේ අත්සනින් යුතුවය.

රාජ්‍ය අමාත්‍යවරු තිස් හත් දෙනෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගියදා පත් කරනු ලැබූහ.