(නිමන්ති රණසිංහ සහ  සුජිත් හේවාජුලිගේ )

වයස 60 සම්පූර්ණ වීම නිසා පොලීසියේ උසස් නිලධාරීන් ඇතුළු විවිධ තරාතිරම්වල නිලධාරීන් එක් දහස් දෙසිය අසූ  දෙනකු ( 1280) ලබන ජනවාරි 1 වැනිදා  සිට විශ්‍රාම යෑමට නියමිතව ඇතැයි වාර්තා වෙයි.

මෙසේ විශ්‍රාම යෑමට  නියමිතව සිටින නිලධාරීන්   පිරිසට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු දෙදෙනෙක්ද නියෝජ්‍ය පොලිස්පතිවරු 8  දෙනෙක් ද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු 17 දෙනෙක්ද සහකාර පොලිස් අධිකාරීවරු 21 දෙනෙක් සහ  ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු තිස් පස් දෙනෙක්ද ඇතුළත්  වෙති.

රාජ්‍ය සේවයේ නියුතුවූවන් විශ්‍රාම යායුතු අවම වයස 60 ක් ලෙස සඳහන් කරමින් රජය පසුගියදා නිවේදනයක් නිකුත් කරනු ලැබීය.