(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ටී 56 උණ්ඩ,හෙරොයින් මත්කුඩු සහ මත් පෙති සමග පුද්ගලයකු කෙසෙල්වත්ත සුචරිත මහල් නිවාස සංකීර්ණය අසලදී කෙසෙල්වත්ත අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
එම සැකකරු සන්තකයේ තිබී ටී 56 ජීව උණ්ඩ 15 මත්කුඩු මිලිග්‍රෑම් 120 ක් මත් පෙති හතරක් මෙන්ම මුදලින් රුපියල් 47110 ක මුදලක් සන්තකයේ තිබී දී සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු තිස් දෙකක් වන කොළඹ 12 පදිංචිකරුවෙකි.
සැකකරු මාලිගාකන්ද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිස්තොලේ නැතුව උණ්ඩ දමලා ගහන්නයැ.. මම බිම තිබිලා ඇහින්දා... ඇහිඳින්න තහනමක් තිබෙනවද?